තොරතුරු තාක්ෂණ සේවාවන්හි නිරත වූවන් සඳහා සමාගම් විසින් වැටුප් ගෙවීම සඳහා දරනු ලබන අතිරේක පිරිවැයෙන් 35%ක් අඩු කිරීමට එම සේවාවන්ට බඳවා ගැනීමේ අවම සුදුසුකම පහළ දැමීමට කටයුතු කරන බව මුදල් ඇමති මංගල සමරවීර මහතා පැවසීය.
අයවැය යෝජනා ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍යවරයා මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
මීට අමතරව, තොරතුරු තාක්ෂණ මූලාරම්භයන් 'ආට්ස් ටු සයන්ස් ඉන්ටර්ෂිප්' වැඩසටහන යටතේ IT-BPO සහ KPO ආයතන මගින් ප්‍රධාන වශයෙන් රැකියා විරහිත කලා උපාධිධාරීන් 1000ක් පුහුණු කිරීමටද අමාත්‍යවරයා යෝජනා කළේය. ඒ සඳහා රජය විසින් මාස 12ක කාලසීමාවක් සඳහා මාසික වේතනයෙන් 50%ක් හෝ රු.25,000ක උපරිමයක් දක්වා ගෙවීම් කිරීමට දැනටමත් රුපියල් මිලියන 300ක් වෙන්කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.