ශ්‍රී ලංකාවේ මූල්‍ය තත්ත්වය සමනය කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ඔවුන්ගේ උපරිම සහයෝගය ලබාදෙන බවට සහතික වී ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.
මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා හමුවී අප්‍රේල් 18 වැනි දින වොෂිංටනයේ IMF මූලස්ථානයේදී සාකච්ඡා පවත්වා තිබේ.
අමාත්‍යවරයා විසින් දැනටමත් ගෙන ඇති පියවර පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැසසුමට ලක්වූ බවද මුදල් අමාත්‍යාංශය කියයි. ඒ අනුව, ශ්‍රී ලංකාවේ මූල්‍ය තත්ත්වය සමනය කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ඔවුන්ගේ උපරිම සහයෝගය ලබාදෙන බවට සහතික වී ඇති බවත්, ශ්‍රී ලංකාව වෙත ලබාදෙන සහයෝගය ශක්තිමත් කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ධනාත්මක ප්රතිචාරයක්ද ලැබී ඇති බවත් මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙයි.
මුදල් අමාත්‍යවරයා IMF සමග කඩිනම් මූල්‍යාධාරයක් (RFI) සඳහා ඉල්ලීමක් කර ඇති අතර, එහිදී IMF අමාත්‍යවරයා වෙත දන්වා ඇත්තේ RFI සඳහා ඉන්දියාවද ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටි බවයි. RFI නිකුත් කිරීම සම්මත තත්ත්වයෙන් බැහැරව තිබුණත්, IMF විසින් කරන ලද විශේෂ ඉල්ලීම සලකා බලනු ඇති බව දන්වා තිබූ බවද මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙයි.