ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙතින් තාක්ෂණික දැනුම ලබාදෙන වැඩසටහනකට සහභාගී වීම සහ ණය මුදලක් ලබාගැනීම සඳහා සාකච්ඡාවකට සහභාගී වීම යනු සම්පූර්ණයෙන්ම කාරණා දෙකක් බවත්, මුදල් අමාත්‍යවරයා සඳහන් කර තිබුණේ මින් පළමු වැනි කාරණය ගැන බවත් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අවධාරණය කරයි.
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් තාක්ෂණික සහාය ඉල්ලා සිටි බවට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පෙරේදා (02දා) සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පවතින විවිධ අදහස් ගැන මහ බැංකු අධිපතිවරයාගෙන් %අද^ කළ විමසීමකදී අජිත් නිවාඩ් කබ්රාල් මහතා මෙසේ කියා සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහ බැංකු අධිපතිවරයා,
"ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වසරක් තුළදී තාක්ෂණික දැනුම ලබාදෙන වැඩසටහන් ජාත්‍යන්තරව සහ යම් යම් රටවලට විශේෂිත ආකාරයකට සිය ගණනක් සිදු කරනවා. මෙවැනි තාක්ෂණික වැඩසටහන් සඳහා ලෝකයේ විවිධ රටවල් විවිධ අවස්ථාවල සහභාගී වෙමින්, ඒ දැනුම සහ අත්දැකීම් ලබා ගන්නවා. එවැනි දෙයක් ගැන තමයි, අපේ මුදල් අමාත්‍යවරයා පසුගියදා සඳහන් කර තිබුණේ. මන්දයත්, රාජ්‍ය අරමුදල් සම්බන්ධව සාර්ව-මූල්‍ය ඒකකයක් (Macro-Fiscal Unit) දැනටමත් මුදල් අමාත්‍යාංශයේ ස්ථාපිත කර තිබෙනවා. එම ඒකකයේ කටයුතු කරන නිලධාරීන්ට යම් දැනුමක් ලබාදීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. එපමණයි. එවැනි වැඩසටහන් තුළින් දැනුම සහ අත්දැකීම් වැඩිකර ගැනීමට තමයි, ඒ දේවල් කරන්නේ. නමුත් ඉන් වෙන කිසිදු අර්ථයක් කියැවෙන්නේ නැහැ. මෙවැනි වැඩසටහන් ලොවපුරා රටවල සිදුවෙනවා.
යම් භාණ්ඩයක් ගැනීමට කඩයකට ගියොත්, ඒ තමන් කැමති භාණ්ඩය අපට ගන්න පුළුවන්. නමුත්, ඒ කඩයට ගිය පමණින්, ඒ කඩයම අරගෙන එනවා යැයි කතාවක් නැහැ. ඒ වගේම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තමන් සතු දැනුම නිතරම බෙදා ගන්නවා. ඒවා තාක්ෂණික වැඩසටහන්. මේ තාක්ෂණික වැඩසටහන් ගන්න එකයි, ණය ගන්න එකයි සම්පූර්ණයෙන්ම දෙකක්. යම් ආකාරයකින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය මුදලක් ලබා ගැනීමේදී ඒ සඳහා වූ කොන්දේසි සහ වෙනත් කරුණු ගැන සාකච්ඡා කෙරෙනවා. නමුත් දැනුම ලබාදීමේ තාක්ෂණික වැඩසටහනකට සහභාගී වෙමින්, ඒ දැනුම ලබාගැනීම වෙනත් කාරණයක් බව තේරුම්ගත යුතුයි." යනුවෙන් සඳහන් කළේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් ළඟදීම ශ්‍රී ලංකාවට පැමිණීමට ඉඩ ඇති බවට මුදල් අමාත්‍යවරයා සිදුකර තිබූ ඉඟියක් ගැනද මහ බැංකු අධිපතිවරයාගෙන් %අද^ විමසා සිටියේය.
"තාක්ෂණික දැනුම ලබාදෙන වැඩසටහන් සඳහා ඇතැම් අවස්ථාවල නිලධාරීන් පැමිණෙනවා. තවත් අවස්ථාවල තාක්ෂණය භාවිතයෙන් දුරස්ථව මේ වැඩසටහන් සිදු කෙරෙනවා. යම් ලෙසකින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් පැමිණියත්, එහි වරද කුමක්ද? අනෙක් කාරණය තමයි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයෙක් දැනටමත් අවුරුදු 5ක විතර ඉඳන් ශ්‍රී ලංකාවේ රැඳී සිටිනවා. ඇත්තටම ආයෙත් අලුතින් එන්න අවශ්‍යතාවකුත් නැහැ." අජිත් නිවාඩ් කබ්රාල් මහතා කියා සිටියේය.