ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ශ්‍රී ලංකාවට ලබාදෙනු ලබන විස්තීරණ ණය මුදල පිළිබඳ තීන්දුව නිල වශයෙන් දැනුම්දීමේ මාධ්‍ය හමුව ශ්‍රී ලංකාවේ වේලාවෙන් හෙට (21දා) පෙ.ව.8.30ට පමණ පැවැත්වෙනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
අමාත්‍යවරයා සඳහන් කළේ ඊට අදාළ තීන්දුව ගැනීම සඳහා IMF විධායක කමිටුව අද (20දා) රැස්වීමට නියමිතව ඇති බවය.
ඒ අනුව, ශ්‍රී ලංකාව වෙත ඇ.ඩො.බිලියන 2.9ක මුදලක් ලැබෙනු ඇති බවත්, ඉන් පළමු කොටස ලෙස ඇ.ඩො.මිලියන 320ක මුදල ඉදිරි සති දෙක තුළ ලැබෙනු ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
එමෙන්ම, ඉදිරි වසර 4 තුළ 8 වතාවකදී අදාළ සම්පූර්ණ මුදල ලැබෙනු ඇති බව බවද සියඹලාපිටිය මහතා වැඩිදුරටත් පවසා සිටියේය.