කොවිඩ්-19 වෛරසයට එරෙහිව ජාතික බෝවන රෝග විද්‍යායතනයේ (IDH රෝහල) සේවයේ නියුතු වෛද්‍ය වෘත්තිකයින්, හෙද වෘත්තිකයින්, සාත්තු සේවිකාවන් ඇතුළුව දිවා රාත්‍රී සේවා මුරයන් හි යෙදී සිටින රොහල් කාර්ය මණ්ඩලයේ සන්නිවේදන අවශ්‍යතා සපුරාලීම සඳහා Pay Master Solutions ආයතනය සහායක් දක්වයි.
ඒ අනුව කොවිඩ්-19 රෝගීන් සඳහා නිරන්තර අවධානය යොමු කළ යුතුව ඇති බැවින් IDH රෝහල් කාර්යමණ්ඩලයේ සාමාජිකයින් වැඩි දෙනෙකු තම පවුල්වල සාමාජිකයින් සමග දුරකථන මාර්ගයෙන් වැඩි වශයෙන් සම්බන්ධ වන බැවින්, ඒ සඳහා ඔවුන්ට දැරීමට සිදුවන පිරිවැය සහ ඇතැම්විට දුරකථන සේවාව සඳහා අවශ්‍ය රීලෝඩ් පහසුකම් ලබාගැනීම මේ අවස්ථාවේදී පහසු නොවේ. මේ තත්ත්වය පිළිබඳව අවධානය යොමු කළ Pay Master Solutions ආයතනය රෝහල් කාර්ය මණ්ඩලයේ පර ප්‍රයෝජනය සඳහා රු.250,000ක් වටිනා රීලෝඩ් පහසුකම් නොමිලේ ලබාදීමට පියවර ගෙන ඇත.