තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ නව සභාපතිවරයා ලෙස මහාචාර්ය මලික් රණසිංහ මහතා පසුගියදා රාජකාරි ආරම්භ කළ බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) නිවේදනයක් කරයි.
මහාචාර්ය මලික් රණසිංහ මොරටුව විශ්වවිද්‍යාලයේ (UoM) සිවිල් ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ජ්‍යේෂඨ මහාචාර්යවරයෙකි. ඔහු වරලත්, ජාත්‍යන්තර වෘත්තීය ඉංජිනේරුවෙකු වන අතර, ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සාමාජිකයෙකුද වෙයි. එමෙන්ම ශ්‍රී ලංකා ජාතික විද්‍යා ඇකඩමියේ සාමාජික, ශ්‍රී ලංකා ව්‍යාපෘති කළමනාකරුවන්ගේ ආයතනයේ සහ ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරුන්ගේ ආයතනයේ උපාධිධාරී සාමාජිකයෙකි.
මොරටුව විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයකු වන මහාචාර්ය රණසිංහ, සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලයේ හිටපු සාමාජික හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ හිටපු කොමිෂන් සභා සාමාජිකුද වෙයි. එමෙන්ම, ඔහු ජාතික පර්යේෂණ කවුන්සිලයේ සහ පොදුරාජ්‍ය මණ්ඩලීය විශ්වවිද්‍යාල සංගමයේ (ACU) හිටපු සභා සාමාජිකයෙකි.