හම්බන්තොට ජාත්‍යන්තර වරායේ කර්මාන්ත කලාපය තුළ Plug and Play (පිරිනිමි), ‘Park in Park’ (කලාපය තුළ කලාපයක්) සංකල්පයෙන් නිෂ්පාදන කම්හල් ජාලයක් පිහිටුවීමට, හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය (HIPG) ෂෙන්ෂෙන් ෂින්ජි සමූහය සමග අත්වැල් බැඳගෙන තිබේ.
හවුල් ව්‍යාපාර ගිවිසුමට අත්සන් තැබීම Xinji සමූහය සහ HIPG අතර පසුගිය ජුනි 11 වැනි දින හම්බන්තොට වරාය පරිපාලන ගොඩනගිල්ල තුළ පාර්ශ්වයන් දෙකේම ප්‍රධාන නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් සිදුවිය.
HIPG හි ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියු පවසන්නේ මෙම නව ගිවිසුම, හම්බන්තොට වරායේ ප්‍රධාන සැලැස්මට අනුකූල වන බවයි. “කඩිනමින්ම තම නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භ කිරීමට යුහුසුළු වන නිෂ්පාදකයින් සඳහා Xinji සමූහය විසින් ලබාදී ඇති මේ පහසුකම මහඟු අස්වැසිල්ලක් වන අතර, හම්බන්තොට කර්මාන්ත කලාපය සහ ශ්‍රී ලංකාව, නිෂ්පාදකයින්ට ආකර්ශනීය ගමනාන්තයක් කිරීමට රුකුලක් වනු බව නොඅනුමානයි.” හෙතෙම වැඩිදුරටත් පැවසීය.
Xinji සමූහයේ සභාපති යැං ලින් පවසන්නේ, “මෙම සංකල්පය සුවිශේෂී වන්නේ ව්‍යාපාරයන් පවත්වා ගැනීමට ඇති බාධාවන් ඉවත් කිරීම, යටිතල පහසුකම් සැපයීම සහ අවශ්‍ය මානව සම්පත් ලබාදීම ඇතුළු ආයෝජකයන් සඳහා වන සියලු පහසුකම් අප විසින් පිරිනැමීමයි. දකුණු ආසියාවේ වෙළඳපොළ සොයා ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකාවට පිවිසෙන සැහැල්ලු කර්මාන්ත නිෂ්පාදකයින්ට සහ වෙළෙඳුන්ට මෙය මහඟු පිටුවහලක් වනු ඇති.” යනුවෙනි. ෂෙන්ෂෙන් ෂින්ජි සමූහය 2013 සිට ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් හා නිෂ්පාදන යන අංශ දෙකෙහිම ක්‍රියාත්මක වන ආයතනයකි.
කර්මාන්ත කලාපය තුළ වර්ග මීටර් 9,000 ක භූමි භාගයක මෙම නව පහසුකම ඉදිකරන අතර “Park in Park” ආකෘතිය තුළින් ආයෝජන පිරිවැය බෙහෙවින් අඩු කරගැනීමට හැකි වනු ඇත. අනාගත ආයෝජකයින්ට සෘජු “පිරික්සුම්” (check in) සේවාවන්ගෙන් ප්‍රයෝජන ගත හැකි අතර එය නිෂ්පාදන කාලය වේගවත් කිරීමට උපකාරී වනු ඇත. Xinji විසින් සපයනු ලබන මූලික යටිතල ව්‍යුහය කර්මාන්ත උද්‍යානයට ඇතුළු වන ව්‍යවසායකයින්ට ආර්ථික ප්රතිලාභ බොහෝමයක් උදා කරනු ඇත
ඇමරිකානු ඩොලර් මිලියන 16 ක අධි තාක්ෂණික කාර්මික පහසුකම සැහැල්ලු කර්මාන්ත ආයෝජකයින් සඳහා “එක් නැවතුම්පොළක” (one-stop) පහසුකම් සපයනු ලැබේ. අතිරේක ද්‍රව්‍ය ප්‍රසම්පාදනය සහ වෙළඳ විකුණුම් පිළිබඳ Xinji සමූහයේ අත්දැකීම මඟින් නිෂ්පාදන අමුද්‍රව්‍ය සපයන ව්‍යවසායකයන් සඳහා ප්‍රසම්පාදන සහාය සහ නිෂ්පාදන සහ බෙදාහැරීම් කටයුතු සිදු කරන ව්‍යාපාර වෙත විකුණුම් සහාය ලබා දෙනු ඇත.
“මෙම පහසුකම ශ්‍රී ලංකාවට තාක්ෂණික හුවමාරුව ගෙන එනු අතර, ආරම්භ කරනු ලබන කර්මාන්ත ශාලාවල රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍ය පුහුණුව ලබාදීමට බලාපොරොත්තු වෙනවා. උද්‍යානය තුළ ක්‍රියාත්මක වන කර්මාන්ත සඳහා දේශීය අමුද්‍රව්‍ය, මුද්‍රණ හා ඇසුරුම්කරණය වැනි සේවාවන් ශ්‍රී ලංකාව තුළින්ම ලබාගැනීමට උනන්දු කරන බැවින්, මේ සේවාවන් සපයන අනෙකුත් දේශීය සමාගම්වලට ප්රතිලාභ ලැබෙන බව අප සහතික කරනවා” යැයි Xinji සමූහයේ සාමාන්‍යාධිකාරී ආචාර්ය මහසෙන් රණගල මහතා සඳහන් කළේය.
මෙම ව්‍යාපෘතිය මගින් ගෘහස්ථ විදුලි හා ඉලෙක්ට්‍රොනික උපකරණ නිෂ්පාදනය ප්‍රවර්ධනය කරයි. ‘plug and play park in park’ පහසුකම යටතේ ක්‍රියාත්මක කර්මාන්තශාලා සඳහා නිදහස් වරාය ප්‍රතිපත්තියේ සහ නිදහස් වෙළඳ ගිවිසුම්වලින් ලැබෙන අමතර ප්රතිලාභ හිමිවීම තුළින් ශ්‍රී ලංකාවට සහ අවට රටවලට ගුණාත්මක නිෂ්පාදන සැපයීමට හැකි වේ.
“හම්බන්තොට වරාය කර්මාන්ත උද්‍යානයේ නිෂ්පාදන කර්මාන්තශාලා කිහිපයක් දැනටමත් ආරම්භ කර තිබෙනවා. රාජ්‍ය ආයතන, බැංකු, නැව්, සැපයුම් සහ වෙනත් ව්‍යවසායන් ගණනාවකට කලාපය තුළ ස්ථාපිත වීම සඳහාද ආරාධනා කිරීමට අප සමත් වී සිටිනවා. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සහයෝගය ඇතිව, කර්මාන්ත උද්‍යානයට ඇතුළු වන සියලුම ව්‍යවසායන් සඳහා එකවර උපදේශන සහ ලියාපදිංචි සේවා, මූල්‍ය සේවා සහ නිෂ්පාදන සැපයුම් සේවා සැපයීමට HIPG සූදානම්” යැයි HIPGහි වරාය ආයෝජන සේවා, නීති හා ආයතනික කටයුතු පිලිබඳ ජ්‍යේෂ්ඨ සමාන්‍යාධිකාරි ටිම් ෂියාඕ මහතා පැවසීය.