හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP) දියමත සිදුකරන නෞකා අලුත්වැඩියා කටයුතු සඳහා කොළඹ ඩොක්යාඩ් පීඑල්සී (CDPLC) සමාගමට සහාය වීමේ වැඩසටහනකට එළැඹ ඇත.
HIP සහාය සමග, CDPLC සමාගම නොයෙකුත් ආකාරයේ නෞකා අලුත්වැඩියා කටයුතු වරාය තුළ සිදු කරන අතර, අලුත්වැඩියා සඳහා HIP වෙත යොමු කර ඇති නෞකා බොහෝමයක හානියට ලක් වූ කොටස් මුහුදු මට්ටමෙන් පහළ විය. CDPLC සමාගම, HIP හි සේවා සහය සමග මෙම නෞකා සඳහා ස්ථිර අලුත්වැඩියා සේවා සපයයි.
“සාමාන්‍යයෙන් මෙවැනි අලුත්වැඩියා කටයුතු සඳහා, ජලය රහිත නැව් තටාකාංගන වෙත හානි වූ නෞකා රැගෙන යා යුතු නමුත් HIP සතුව ඇති නැන්ගුරම්පළ පහසුකම් සහ අපගේ විශේෂඥ ප්‍රවීණතාව සමඟ, නැව් දියමත තිබියදී මෙවැනි අලුත්වැඩියා කටයුතු වරායේදීම කාර්යක්ෂමව සිදුකර ගැනීමට හැකියි. මෙසේ නෞකා දියමත රඳවා අලුත්වැඩියා කටයුතු කිරීම තුළින් දැරීමට සිදුවන ප්‍රමාද ගාස්තු සහ කාලය ද ඉතිරි කරගැනීමට පුළුවන්. එමෙන්ම HIP සතු පහසුකම් හේතුවෙන් මෙම සංකීර්ණ අලුත්වැඩියා කටයුතු පහසුවෙන් සිදු කිරීමට හැකි වනවා මෙන්ම එක් එක් සේවා සපයන්නන් වෙත නොගොස් ස්ථිර අලුත්වැඩියා සේවා ලබා ගැනීමේ පහසුකමද සැළසෙයි,” යැයි CDPLC හි නෞකා අලුත්වැඩියා කටයුතුවල ප්‍රධානී ප්‍රනීත් රාජපක්ෂ මහතා පවසයි.
මෑතකදී සෑන්ඩ්පයිපර් (MV Sandpiper) නැමති නෞකාව බංගලාදේශයේ ප්‍රවාහන සේවයක යෙදී සිටින අතරතුර සිදුවූ හානි අලුත්වැඩියා කර ගැනීමට නැව් තටාකාංගන පහසුකම් සෙවූ විට, CDPLC විසින් වඩාත් පහසු සහ ලාභදායී විසඳුමක් ලෙස HIPහි දියමත නෞකා අලුත්වැඩියා සේවය නිර්දේශ කරන ලදී.
“පෙර අපරදිග නාවික මාර්ගයන්ට සමීපව ස්ථාන ගතවී ඇති හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP), ඕනෑම නෞකා අලුත්වැඩියාවක් සඳහා සේවා සැපයීමට කදිම ස්ථානයකි. මේ සදහා අවශ්‍ය ප්‍රවීණත්වය සහ ගැඹුරු නැංගුරම්පළ පහසුකම් අප සතු නිසා, එය නැව් කර්මාන්තයේ දියුණුවට රුකුලක් වනු නොඅනුමානයි. මේ වසරේදී දියමත නෞකා අලුත්වැඩියා සේවාව තවදුරටත් Hambantota International Port පුළුල් කිරීමට කිරීමට අපි සැලසුම් යොදා තිබෙනවා,” යැයි HIPGහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තිස්ස වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
අලුත්වැඩියා කටයුතු සාර්ථකව නිම කිරීමෙන් පසු සෑන්ඩ්පයිපර් (MV Sandpiper) නෞකාව නැවතත් සුපුරුදු පරිදි ප්‍රවාහන කටයුතු ආරම්භ කර ඇත.