2018 ගෝලීය නායකත්ව සම්මාන උළෙලෙහිදී (Global Leadership Award 2018) වෙළෙඳාම සංවර්ධනය පිළිබද ගෝලීය නායකත්ව 2018 සම්මානයෙන් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පිදුම් ලබා තිබේ.
පසුගිය ජූලි 25දා මැලේසියාවේ, ක්වාලලම්පූර් නුවරදී පැවති උත්සවයකදී මෙම සම්මානය අමාත්‍යවරයා වෙත පිළිගන්වා ඇති බව එම අමාත්‍යාංශය නිවේදනය කරයි.
මෙම සම්මාන උළෙලෙහි විනිශ්චය මණ්ඩලයේ ප්‍රධානියා ලෙස සැලකෙන ආතර් එෆ්. කාමස්සී මහතා විසින් අමාත්‍ය රිෂාඩ් බදියුදින් මහතාට සම්මානය පිරිනැමීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා ඇත්තේ අමාත්‍යවරයා තම අමාත්‍ය තනතුර තුළින් ශ්‍රී ලංකාවේ වෙළෙඳ, වාණිජ සංවර්ධන ක්ෂේත්රයට ඒ ඒ ආයතන පද්ධතිය තුළ නිසි නායකත්වයක් හා මාර්ගෝපදේශයක් සපයා ඇති බවය. එමෙන්ම, ඔහු ඒ ඒ ක්ෂේත්‍ර සඳහා සුදුසු නායකයන් තෝරාගෙන එම ආයතන සංවර්ධනය කරා ගෙනගොස් ඇති බවද හෙතෙම සඳහන් කර ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.