ශ්‍රී ලංකාවේ ප්‍රථම පුද්ගලික හිමිකාරීත්වයක් දරන ජාත්‍යන්තර ගුවන් සේවය වන FitsAir සිය ගුවන් වාර තවදුරටත් පුළුල් කරමින් ඉන්දියාවේ චෙන්නායි වෙතද ක්‍රියාත්මක කර තිබේ.
කොළඹ සිට චෙන්නායි දක්වා මෑතකදී ආරම්භ කරනලද ගුවන් ගමන් සතියකට තුන් වතාවක් ක්‍රියාත්මක වන අතර, අප්‍රේල් මාසයේදී මෙය දෛනික සේවාවක් බවට පත් කිරීමට නියමිතය.
මෙම නව සේවාව පාරිභෝගිකයන් සඳහා සුවපහසු ආසන සහ පහසු පියාසැරි වේලාවන් සමග FitsAir A320 ගුවන් යානයකින් සිදු කෙරේ. හඳුන්වාදීමේ දීමනාවක් ලෙස, FitsAir විසින් සියල්ල අන්තර්ගත ආපසු පැමිණීමේ ගුවන් ටිකට්පතක් රුපියල් 55,400ක මිලකට සපයනු ලබයි.
FitsAir හි විධායක අධ්යක්ෂ අමර් කාසිම් මහතා අදහස් දක්වමින්, "චෙන්නායි වෙත දියත් කරන ලද අපගේ නව සේවාව තුලින් පාරිභෝගිකයින්ට ලාභදායී සහ සුවපහසු අත්දැකීමක් ලබා දීමට ලැබීම පිළිබඳව අප බෙහෙවින් සතුටට පත්වෙනවා. ඉන්දියාව සමඟ ඇති සබඳතා තවදුරටත් වර්ධනය කර ගනිමින් රටවල් දෙක අතර සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම අපේ අරමුණයි" යනුවෙන් පැවසීය.
චෙන්නායි එහි සංස්කෘතිය, ආකර්ෂණීය සාප්පු සවාරි සහ විචිත්‍රවත් දේශීය ආහාර සඳහා ප්‍රසිද්ධියක් උසුලයි. එසේම චෙන්නායි, දකුණු ඉන්දියාවේ කේන්ද්‍රස්ථානයක් වන අතර තමිල්නාඩුවේ අනෙකුත් නගරවලට පිවිසීමටද විශාල දුම්රිය හා මාර්ග සම්බන්ධතාවක් එහි පවතී.
චෙන්නායි වෙත දියත් කරන ලද මෙම නව ගුවන් වාරය, පාරිභෝගිකයින්ට වැඩි සංචාරක විකල්පයන් සහ වැඩිදියුණු කළ සම්බන්ධතාවයක් ලබා දීම උදෙසා FitsAir හි ව්‍යාපෘති ප්රයත්නයේ එක් පියවරකි. FitsAir එයාර්බස් ගුවන් යානා 3කින් යුත් නවීන ගුවන් යානා මෙහෙයවන අතර ඉහළ නිපුණතා සහ පළපුරුද්ද සහිත සේවක කණ්ඩායමක් ඔවුන් සතුවේ.
තරඟකාරී මිල ගණන් සහ සුවිශේෂී සංචාරක අත්දැකීමක් සියලු පාරිභෝගිකයින්ට ලබාදීම කෙරෙහි අවධානය යොමු කරමින්, කලාපයේ ප්‍රමුඛතම අඩු වියදමක් සහිත ගුවන් ගමන් සපයන්නා වීමට FitsAir අපේක්ෂා කරයි. මීළඟ කාර්තුවේදී නව ගමනාන්ත 3ක් දියත් කිරීමට ද ඔවුන් බලාපොරොත්තු වේ. වැඩි විස්තර www.fitsair.com වෙතිනි.