ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව සහ කොළඹ කොටස් හුවාමරව එක්ව 'Empower' - සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර පුවරුව පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් ප්රාදේශ්රීය මට්ටමින් දියත් කර තිබේ.
මෑතකදී අලුතින් ස්ථාපනය කරනලද 'Empower' පුවරුව පිළිබඳව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ප්‍රාදේශීය මට්ටමින් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව සහ කොළඹ කොටස් හුවමාරුව සමග එක්ව ආරම්භ කරන ලදී. එහි පළමු වැනි සම්මන්ත්‍රණය අනුරාධපුර ප්‍රදේශයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ප්‍රජාව සම්බන්ධකර ගනිමින් 2018 ජූලි මස 25 වැනි දින පවත්වා තිබුණි.
මෙම වැඩසටහන අනුරාධපුර ගෝල්ඩන් මැන්ගෝ රිසෝට් හෝටලයේදී පැවති අතර ඉදිකිරීම්, සංචාරක, කෘෂිකාර්මික, සෞඛ්‍යය, නිෂ්පාදන, වෙළෙඳාම්, කිරි නිෂ්පාදන සහ අනෙකුත් ක්ෂේත්රවල නියැලි සිටින 60කට අධික සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් පිරිසක් ඊට සහභාගී වූහ.
'Empower' සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර පුවරුව ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව සහ කොළඹ කොටස් හුවමාරුව විසින් 2018 ජූලි මස 5 වැනි දින දියත් කළ අතර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කොළඹ කොටස් හුවමාරුවේ ලයිස්තුගත කිරීමට අවස්ථාවක් ලබාදීම එහි අරමුණ විය. මෙම අනුරාධපුර වැඩසටහන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් දැනුවත් කිරීම සඳහා ප්‍රාදේශීය මට්ටමින් සිදුකරන වැඩසටහන් මාලාවේ පළමු වැනි වැඩසටහන වේ.
කොළඹ කොටස් හුවමාරුවේ අනුරාධපුර ශාඛාවේ කළමනාකරු තාරක අමරසේන මහතා විසින් පිළිගැනීමේ කථාව සිදුකළ අතර, ඉන් අනතුරුව ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ බාහිර සම්බන්ධතා සහ ආවේක්ෂණ අංශයේ අධ්යක්ෂ තුෂාර ජයරත්න මහතා විසින් 'Empower' පුවරුව ස්ථාපිත කිරීමේ අරමුණ පැහැදිලි කරමින් දේශනයක් සිදුකරන ලදි. 'කොළඹ කොටස් හුවමාරුවේ Empower පුවරුවේ ලයිස්තුගත කිරීම' සම්බන්ධයෙන් වූ ප්‍රධාන දේශනය පවත්වන ලද්දේ කොළඹ කොටස් හුවමාරුවේ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතා විසිනි.
ඉන් අනතුරුව, විද්වත් මණ්ඩල සාකච්ඡාව ඇරඹි අතර එහිදී පැමිණ සිටි ව්‍යාපාරික ප්‍රජාවට ලයිස්තුගත කිරීම තුළින් ප්‍රාග්ධන සම්පාදනයේදී පවතින ගැටලු නිරාකරණය කර ගැනීමට අවස්ථාව උදාවිය. මෙම විද්වත් මණ්ඩල සාකච්ඡාව සඳහා කොළඹ කොටස් හුවමාරුවේ ප්‍රධාන විධායක නිළධාරී රජීව බණ්ඩාරනායක, ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිසන් සභාවේ බාහිර සම්බන්ධතා සහ ආවේක්ෂණ අංශයේ අධ්යක්ෂ තුෂාර ජයරත්න, කොළඹ කොටස් හුවමාරුවේ උපායමාර්ගික අංශයේ ප්‍රධානී නිල්මා සමරසිංහ සහ කොළඹ කොටස් හුවමාරුවේ ලයිස්තුගත කිරීමේ අංශයේ සහකාර කළමනාකරු චන්දන විජේසුන්දර යන මහත්ම මහත්මීන් ඇතුළත් වූහ.
මෙම දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාව අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බව ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව වැඩිදුරටත් දන්වා සිටියි.