ශ්‍රී ලංකාවේ පැරණිතම හා දැවැන්තම උසස් අධ්‍යාපනික, වෘත්තිය මාර්ගෝපදේශණ, පුහුණු හා ව්‍යවසායකත්ව ප්‍රදර්ශනය හා රැකියා වෙළෙඳපොළ වන EDEX Expo මෙවර 20 වැනි වරටත් කොළඹ හා මහනුවර කේන්ද්‍රගතව පැවැත්වීමට කටයුතු යොදා ඇත.
ඒ අනුව, මෙවර EDEX Expo 2024හි කොළඹ ප්‍රදර්ශනය හා රැකියා වෙළෙඳපොළ පෙබරවාරි 9දා සිට 11දා දක්වා, දිනපතා උදේ 9.30 සිට සවස 6.00 දක්වා, කොළඹ, ලේක්හවුස් අසල, ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදීත්, මහනුවර ප්‍රදර්ශනය,පෙබරවාරි 17දා සිට 18දා දක්වා, දිනපතා උදේ 10.00 සිට සවස 6.00 දක්වා, මහනුවර සිටි සෙන්ටර් හිදීත් පැවැත්වීමට නියමිතය.
මෙවර EDEX Expo 2024 ජපාන තානාපතිවරයා විසින් උත්සවාකාරයෙන් විවෘත කරන බව සංවිධායකයෝ පවසති.
මෙවර ප්‍රදර්ශනයේ විශේෂත්වය වන්නේ තාරුණ්‍යයය තිරසාර සංවර්ධනය හා සැබැඳි අධ්‍යාපනික ප්රවේශයන්ට දිරි ගන්වමින් දැවැන්ත විශේෂාංග රැසක් අන්තර්ගත කිරීමට ප්‍රදර්ශනයේ තිරසාරත්වය ඒකකය වන EDEX Think Green කටයුතු සුදානම් කර තිබීමයි.
ඒ අනුව ශ්‍රී ලංකාවේ මුල්ම කාලගුණික-දේශගුණික විපර්යාස විදහා දැක්වෙන ඔරලෝසුව මෙම ප්‍රදර්ශනයේ ප්රමුඛ අංගයක් ලෙස එක් කිරිමට නියමිතය.
ඒ අනුව ප්රමුඛ පෙලේ දෙස් විදෙස් උසස් අධ්‍යාපණ හා විශ්වවිද්‍යාල රැසක් මෙවර ප්‍රදර්ශනය සඳහා අධ්‍යාපනික කුටි දැනටමත් වෙන්කර ඇති බවද සංවිධායකයෝ පවසති.
කොළඹ ප්‍රදර්ශනය අධ්‍යාපනික හා වෘත්තිය මාර්ගෝපදේශණ පුහුණු හා ව්‍යවසායකත්ව සේවා සලසන කුටි 97ක් සහ විදේශීය අධ්‍යාපන සැපයුම් කුටි 35කින් සමන්විතය. මහනුවර අදියර සඳහා දේශීය හා ජාත්‍යන්තර අධ්‍යාපන සැපයුම් කුටි 60ක් දැනටමත් සිය සේවා සැපයිමට ලියාපදිංචිව ඇත. ඒ අතර ඔස්ට්‍රේලියාව, කැනඩාව, ජපානය, ප්‍රංශය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, පකිස්ථානය, ඉන්දියාව සහ චීනය යන රටවල සෘජු විශ්වවිද්‍යාලද අන්තර්ගතය.
මෙවර ප්‍රදර්ශනයේ ජාත්‍යන්තර අධ්‍යාපනික හවුල්කරු ලෙස පාකිස්ථාන උසස් අධ්‍යාපන කොමිසම එක්ව සිටි.
මෙවර EDEX Expo 2024 ප්‍රදර්ශනය සදහාම සුවිශේෂී අධ්‍යාපනික ශිෂ්‍යත්ව අර්ධ ශිෂ්‍යත්ව සමග වෙනත් උසස් අධ්‍යාපන හා රැකියා වෙළෙඳ පොළ වරප්‍රසාද රැසක් ලබාගැනීමට අවස්ථාව සලසා දී ඇත.