ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සංවිධානය කරනු ලබන, “EDB Open Day”වැඩසටහන ජුනි මස 15 වැනි දින පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.
අපනයන මට්ටමේ ව්යවසායකයන්සවිබල ගැන්වීම සඳහා වූ මෙම වැඩසටහන පවැත්වෙන්නේ, කොළඹ 02, නවම් මාවතේ, අංක 42 දරණ ස්ථානයේ EDB/NDB Tower හි පිහිටි එම මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේදීය. වැඩසටහන එදින පෙරවරු 9.30 සිට සවස 4.30 දක්වා පැවැත්වෙයි.
දේශීය ව්‍යවසායකයන් අපනයන මට්ටමට රැඟෙන ඒමේදී ඔවුන් මුහුණ දෙන ප්‍රශ්ණ සහ ගැටලු සඳහාඋපදේශන සේවා ලබා දීමත්, නව අදහස් හඳුනා ගනිමින්ඒවා එළිදැක්වීමට හා ප්‍රවර්ධනයට අවශ්‍ය රාජ්‍ය සහාය ලබාදීමත් වෙනුවෙන් මෙම එක්දින වැඩසටහනක් සංවිධානය කර ඇත. සුළු හා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ටත්, අපනයන අභිමුඛ නවව්යවසායකයන් සහ අපනයන ක්ෂේත්රයේ නව අදහස් දරණ පිරිසටත් මෙම එක්දින වැඩසටහන සුවිශේෂී වේදිකාවක් වනු ඇත.
අපනයන ක්‍රියා පටිපාටිය, කෘෂිකාර්මික මෙන්ම කාර්මික නිෂ්පාදන හාසේවා පිළිබඳ තොරතුරු, නිෂ්පාදන වැඩිදියුණු කර ගැනීමට අදාළ විස්තර, වෙළඳපොළ හඳුනා ගැනීම පිළිබඳ උපදේශන සේවා, අපනයන සම්බන්ධතා ගොඩනගා ගන්නා ආකාරය මෙන්ම අපනයන අභිමුඛ ව්‍යවසායකයින්ගේ විශේෂ අවශ්‍යතා සපුරාලීම සඳහා වූ සේවා රැසක් “EDB Open Day” තුළ අන්තර්ගතය.
අනාගතයේ අපනයනකරුවන් ලෙස ක්ෂේත්රයට පිවිසීමට අපේක්ෂිත ඔබගේ නිෂ්පාදන වැඩිදියුණු කර ගැනීමේදී ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව මාර්ගෝපදේශ ලබාදීමද මෙහිදී සිදුවෙයි. වැඩසටහන සඳහා සහභාගී වන්නන්ට, අපනයන සංවර්ධන මණ්ඩලයේ අදාළ නිලධාරීන් මෙන්ම සියලුම සේවාවන් හා එකම පියසකදී පෞද්ගලිකව ලබාගැනීමට මෙහිදී පහසුකම් සලසා ඇත.
ඊට අමතරව ගැනුම්කරුවන් සහ විභව වෙළඳපොළ සොයා ගැනීම,කාබනික ලියාපදිංචිය, ශ්‍රී ලංකා කුරුඳු සඳහා වෙළඳ ලාංඡන ලබාගැනීම(PCC), ඇසුරුම් මාර්ගෝපදේශය සහ අදාළ පාර්ශ්වකරුවන්ගේ නියෝජිතායතන වෙත ප්‍රවේශය වැනි සේවාවන් ලබාගැනීම, අපනයන සංවර්ධන මණ්ඩලයේවිවිධ වැඩසටහන් සඳහා ලියාපදිංචි වීම, නව අපනයන සංවර්ධන වැඩසටහන සඳහා ප්‍රවේශය, කාන්තා ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන සහ අපනයන නාමාවලියට ඇතුළුවීම වැනි සේවාවන් සඳහාද මග සැලසෙයි.
විශේෂිත සැසි සහ එක් එක් අපනයනකරුවන් සමඟ මුහුණට මුහුණ සාකච්ජාවන්ද (One-to-One Meetings), අපනයන වෙළෙඳපොළ අවස්ථා, අපනයන ක්‍රියා පටිපාටිය, කෘෂිකාර්මික නිෂ්පාදන අපනයනය සහ ඇසුරුම් කිරීම පිළිබඳ විශේෂිත සාකච්ඡාවන්ද මෙහිදී සංවිධානය කර ඇත.
වැඩසටහන සඳහා උනන්දුවක් දක්වන්නන් අපනයන සංවර්ධන මණ්ඩලයේවෙබ් අඩවිය ඔස්සේ ලියාපදිංචි විය හැකි අතර, එසේ ලියාපදිංචි වූසෑම අයෙකු වෙනුවෙන්ම හඳුනාගැනීමේ අංකයක් හිමි වන්නේය.
www.srilankabusiness.comවෙත පිවිසීමෙන් ලියාපදිංචිය ලබාගත හැකි අතර, එරන්දි 0777238299/චතුරි 0778281052/නිපුනි 0718810987 ඇමතීමෙන් වැඩිදුර තොරතුරු ලබාගැනීමට හැකියාව ඇත.