කොළඹ කොටස් හුවමාරුවෙහි (CSE) පූර්ණ හිමිකාරිත්වය සහිත සමාගමක් වන මධ්‍යම තැන්පතු ක්‍රම පුද්ගලික සමාගම (CDS) විසින් ඉටුකරනු ලබන සාංගමික කටයුතු සේවා සහ රෙජිස්ට්‍රාර් සේවා ලබාගැනීමට ඩිස්ටිලරිස් කොම්පැනි ඔෆ් ශ්‍රී ලංකා (DCSL) සහ මෙල්ස්ටාස්කෝප් (Melsta) පුද්ගලික සමාගම් ගිවිසුමකට එලඹ තිබේ.
මෙම සේවාව CDS ආයතනය විසින් 2018 වර්ෂයෙහිදී දියත් කළ අතර, වර්තමානයේදී කර්මාන්ත ක්ෂේත්රයක් නියෝජනය කෙරෙන සමාගම් 18ක් සඳහා මෙම සේවාව සපයනු ලැබේ. මෙම ගිවිසුම අනුව CDS ආයතනය ඩිස්ටිලරිස් කොම්පැනි ඔෆ් ශ්‍රී ලංකා (DCSL) සහ මෙල්ස්ටාස්කෝප් (Melsta) පුද්ගලික සමාගම් සඳහා කොටස් ලෙජර් පවත්වා ගැනීම, මුදල්/කොටස් ලාභාංශ නිකුතු, හිමිකම් නිකුතු, කොටස් විභජනනය, සංචිත ප්‍රාග්ධනීකරණය සහ අනිකුත් සාංගමික කටයුතු යනාදීය සඳහා රෙජිස්ට්‍රාර් සේවා සපයනු ලබයි.
මෙම නවතම සේවාව CDS ආයතනය විසින් හඳුන්වාදීමේ මූලික හේතුව වී ඇත්තේ ලොව පුරා ඇති තැන්පතු ආයතන ගණනාවක් සිය සම්ප්‍රදායික එදිනෙදා කටයුතු පුළුල් කරමින් පාරිභෝගීක හිතකර නව සේවා සහ තාක්ෂණය වැඩිදියුණු කිරීමට දැක්වූ ප්‍රවණතාව සමගයි.
මෙම ගිවිසුම පිළිබඳව අදහස් දක්වමින් මධ්‍යම තැන්පතු ක්රමයෙහි ප්‍රධානී නලින් ෆොන්සේකා මහතා සදහන් කළේ, “ අපේ සංවර්ධන ක්රියාදාමෙය්දී නව යුගයක් සලකුණු කරමින් CDS ආයතනය විසින් ආරම්භ කළ මෙම නවතම සාංගමික කටයුතු සේවා සහ රෙජිස්ට්‍රාර් සේවාව මගින් ගනුදෙනුකරුවන්ට වඩාත් හොඳ සේවාවන් ලබාදීමට අවකාශය ලැබෙනවා. අපගේ සේවාදායක ආයතන අතරට ඩිස්ටිලරිස් (DCSL) සහ මෙල්ස්ටාස්කෝප් (Melsta) පුද්ගලික සමාගම් සාදරයෙන් පිළිගනු ලබන අතර අපගේ සේවා පිළිබඳව තබා ඇති විශ්වාසය තහවූරු කිරීමට අපි ඉදිරියෙදී බලාපොරොත්තු වෙනවා.”යනුවෙනි.
“ලැයිස්තුගත සමාගමකට සාංගමික කටයුතු සේවා සහ රෙජිස්ට්‍රාර් සේවා අත්‍යවශ්‍ය සේවා වන අතර CDS වෙළෙඳ පොළෙහි වසර 25කට අධික පළපුරුදු ආයතනයක් ලෙස මෙම නව සාංගමික කටයුතු සේවා තුළින් ලැයිස්තුගත සමාගම් වෙත පුළුල් වූ සහ කාර්යක්ෂම සේවාවක් ලබාදීමට අපට හැකිවී තිබෙනවා”යැයි හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය.
මෙම අවස්ථාවට CDS සහාය කළමනාකරු නදීර අතුකෝරාල, CSE හි නිතීමය කටයුතු ප්‍රධානී රේණු රණතුංග, CDS ප්රිධානී නලින් ෆොන්සේ, CSE හි ප්‍රධාන විධායක නිලධාරි රජිව බණ්ඩාරනායක, මෙල්ස්ටාස්කෝප් සහ ඩිස්ටිලරිස් කොම්පැනි ඔෆ් ශ්‍රී ලංකා සමාගම්වල අධ්යක්ෂ නියෝමාල් බාලසූරිය, මෙල්ස්ටාස්කෝප් සමාගමෙහි කළමනාකාර අධ්යක්ෂ අමිත ගුණරත්න, ඩිස්ටිලරිස් කොම්පැනි ඔෆ් ශ්‍රී ලංකා සහ මෙල්ස්ටාස්කෝප් සමාගම්වල සමූහ මූල්‍ය පාලක ක්ලීටස් මල්ලවාරච්, CDS හි පාරිභෝගීක සබඳතා කළමනාකරණ සහාය කළමනාකරු හේමාල් වීරසිංහ, ඩිස්ටිලරිස් කොම්පැනි ඔෆ් ශ්‍රී ලංකා සහ මෙල්ස්ටාස්කෝප් සමාගම්වල නිතීමය කටයුතු නිලධාරී නුවන්ති ගුණවර්ධන යන මහත්ම මහත්මීන් සහභාගී වූහ.