අන්තර්ජාල බ්ලොග්කරුවන් සහ සංචාරක වෘත්තිකයන් සඳහා වූ Cinnamon Travel Blogger Conference 2018 (TBC Asia) සමුළුව මෙම වසරේදී අද්විතීය කාණ්ඩ 10ක් යටතේ ලොව විශිෂ්ට බ්ලොග්කරුවන් 30 දෙනෙකු සඳහා සම්මාන ප්රදානය කිරීමට සැරසෙයි.
ඒ අනුව, එම එක් එක් කාණ්ඩයේ ජයග්රාහකයන් ඔක්තෝබර් 31දා Cinnamon Grand Colombo හිදී පැවැත්වෙන උත්කර්ෂවත් සම්මාන උළෙලෙහිදී ප්රකාශයට පත්කිරීමට නියමිත බව එහි සංවිධායකයන් වන Cinnamon Hotels and Resorts පවසයි.
මෙම සමුළුව මගින් සංචාරක සන්නාම නියෝජනය කරන්නන්ට සහ අන්තර්ජාල බ්ලොග්කරුවන් අතර පරතරය දුරුකරමින් ඔවුන්ට එකට එක්ව කටයුතු කිරීමට ඉඩ සලසා දීම තුළින් සාර්ථක වර්ධනයක් ලබමින් තම ඉලක්ක සපුරා ගැනීම සඳහා අවස්ථාව සලසා දෙන බව ඔවුහු පවසති.
2014 වසරේදී හඳුන්වා දෙන ලද Cinnamon TBC Asia පසුගිය වසර කිහිපය තුළ ලොව පුරා විශාල ප්රසිද්ධියක් සහ කීර්තියක් අත්කර ගැනීමට සමත්ව ඇති අතර, 2016 වසරේ සම්මාන ප්රදානය කිරීම හඳුන්වාදීමෙන් අනතුරුව එය සංචාරක ක්ෂේත්රයේ නිරන්තරයෙන් කතාබහට ලක්වන ඉසව්වක් බවට පත්ව ඇති බවත් ඔවුහු පෙන්වා දෙති.
වෘත්තීය සංචාරක බ්ලොග්කරුවන්ගේ සංගමය පැසිෆික් ආසියා සංචාරක සංගමය විසින් සහාය දක්වනු ලබන Cinnamon TBC Asia 2018 සඳහා නිල ගුවන් සේවා සහකරු ලෙස SriLankan Airlines, ගමනාන්ත සහකරු ලෙස ශ්රී ලංකා සංචාරක ප්රවර්ධන කාර්යාංශය, ආගන්තුක සත්කාර සහකරු ලෙස Cinnamon Hotels & Resorts සහ නිල ඩිජිටල් සහකරු ලෙස eMarketingEye දායකත්වය දක්වයි.