උපාධි අපේක්ෂකයන් අතර මූල්‍ය සාක්ෂරතාව වැඩිදියුණු කිරීම සඳහා සහයෝගීතා ප්රයත්නයන් විධිමත් කිරීමට කොළඹ කොටස් හුවමාරුව මෑතකදී නැගෙනහිර විශ්වවිද්‍යාලය සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබේ.
අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක උපායමාර්ගික මුලපිරීම් ගණනාවක් මත එක්ව වැඩකිරීමෙන් උපාධි අපේක්ෂකයන් අතර ප්‍රාග්ධන වෙළෙඳපොළ අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීමට මෙම සහයෝගීතා ගිවිසුම යෝජනා කර ඇත.
ඒ අනුව, මෙමගින් කොළඹ කොටස් හුවමාරුව සමග ගණකාධිකරණය සහ මූල්‍ය, ව්‍යාපාර කළමනාකරණය සහ ආර්ථික විද්‍යාව ආශ්රිත උපාධි වැඩසටහන්වල නියැලී සිටින නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සිසුන් සඳහා ප්‍රායෝගික අධ්‍යාපනික පුහුණුව සහ සීමාවාසික අවස්ථාවන් ලබාදෙනු ඇත.
තවද, අවබෝධතා ගිවිසුමේ නියමයන් යටතේ, කොළඹ කොටස් හුවමාරුව විසින් විශ්වවිද්‍යාලයේ වාණිජවේදී ගෞරව උපාධි වැඩසටහනේ ශ්‍රේණි ලකුණු සාමාන්‍යයේ ඉහළම අගය (GPA) ලබාගන්නා ශිෂ්‍යයාට සම්මානයක් ලබාදෙනු ඇත.