නව කොරෝනා වසංගතය හේතුවෙන් පීඩාවට පත් ව්‍යාපාර පුනර්ජීවනය කිරීම හා රටේ ආර්ථික කටයුතු යළි නැංවීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව, රජය හා එක්ව ක්‍රියාවට නැංවූ 'සෞභාග්‍ය COVID-19 පුනරුද සහන' ණය යෝජනා ක්රමයෙහි පළමු අදියර යටතේ ව්‍යාපාර 13,861ක් සඳහා රු.බිලියන 27.9ක මුදලක් අනුමත කර තිබේ.
ඒ අනුව ඊයේ (24දා) දින බැංකු පද්ධතිය තුළින් දිවයින පුරා ව්‍යාපාර 7,274ක් සඳහා රු.බිලියන 14.8ක් මුදාහැර ඇති අතර, මෙම ණය යෝජනා ක්‍රමය 4%ක සහනදායී වාර්ෂික පොලී අනුපාතයක් යටතේ මාස 6ක සහන කාලයකට යටත්ව මාස 24කින් ආපසු ගෙවා නිමකළ හැකි වන පරිදි ක්‍රියාත්මක කර ඇති බව මහ බැංකුව පවසයි.
තවද, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙම ණය යෝජනා ක්රමයෙහි දෙවැනි අදියර යටතේ රු.බිලියන 120ක් 1%ක වාර්ෂික පොලී අනුපාතයක් යටතේ වාණිජ බැංකු වෙත ලබාදෙනු ලබන අතර, එම අරමුදල් බැංකු පද්ධතිය හරහා කොරෝනා ව්‍යසනය හේතුවෙන් පීඩාවට පත් වූ ව්‍යාපාර යළි ගොඩනැංවීම සඳහා 4% සහනදායී පොලී අනුපාතයක් යටතේ මුදා හැරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර තිබේ.