ශ්‍රී ලංකන් ගුවන් සමාගම, කාගිල්ස් බැංකුව සමග නව ගිවිසුමකට එක්වෙමින් www.srilankan.com යන වෙබ් අඩවිය ඔස්සේ ගුවන් ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගැනීමේදී මුදල් ගෙවීම්, කාගිල්ස් බැංකු ශාඛා සහ කාගිල්ස් ෆුඩ්සිටි වෙළඳ සැල්වලින් සිදුකිරීමේ අවස්ථාව උදාකර දී තිබේ.
ශ්‍රී ලංකන් හි 'Book Now Pay Later' යනු අන්තර්ජාලය හරහා ගුවන් ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගැනීමේදී සහ ගෙවීම් සිදුකිරීමේදී ගුවන් මගීන් වෙත සුවිශේෂී පහසුකම් ලබාදෙන ක්‍රමවේදයක් බවත්, මෙම නව හවුල්කාරීත්වය සමග එය තවදුරටත් පහසුකර ඇති බවත් ඔවුහු පවසති.
මේ නව සබඳතාව පිළිබඳව ශ්‍රී ලංකන් ප්‍රධාන විධායක නිලධාරි විපුල ගුණතිලක මහතා අදහස් දක්වමින්, "Book Now Pay Later පහසුකම ශ්‍රී ලංකාව පුරා සිටින ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් හි පාරිභෝගිකයන්ට දැනටමත් විශේෂ පහසුකම් සලසා තිබෙනවා. ඒ වගේම, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින අයටද විශේෂ වට්ටම් ලබාගැනීමට හැකියාව ලැබී තිබෙනවා. ඉදිරියේදී කාගිල්ස් බැංකුව සමග ගෙවීම් සිදුකිරීමේ මෙම සේවාව තවදුරටත් වැඩිදියුණු කිරීමට ශ්‍රී ලංකන් කටයුතු කරනවා" යැයි පවසා සිටියේය.