ශ්‍රී ලංකා රජයේ විදේශ ආයෝජන ප්‍රවර්ධන ඒජන්සිය වන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව අධ්යක්ෂ ජනරාල් ලෙස සංජය මොහොට්ටාල මහතා වැඩ භාරගන්නා ලදී.
මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු උපාධි ධාරියෙකු වන සංජය මොහොට්ටාල මහතා ඇමරිකා එක්සත් ජනපදයේ ඇන්ඩර්සන් ස්කූල් ඔෆ් මැනේජ්මන්ට් විශ්ව විද්‍යාලයෙන් එම් බී ඒ උපාධිය හිමිකර ගෙන ඇත. මොහු ඇමරිකානු එක්සත් ජනපදයෙන් පිරිනමන ෆුල් බ්‍රයිට් ශිෂ්‍යත්වධාරියෙකු ද වෙයි.
මොහොට්ටාල මහතා මීට පෙර සිංගප්පූරුවේ බොස්ටන් කන්සල්ටින් ගෘප් හි කළමණාකාර අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කර ඇත. ඔහු ආසියා පැසිපික් කළාපයේ ආයතනික සංවර්ධන, ආයෝජන ව්‍යාපෘති සහ කොටස් ප්‍රවාහණ සහ භාහිර සේවා යන අංශ භාරව කටයුතු මෙහෙයවා ඇත