ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස සංජය මොහොට්ටාල මහතා පත්කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කර තිබේ.
මොහොට්ටාල මහතා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ 21 වැනි සභාපතිවරයා ලෙස අද (09දා) ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේදී වැඩ භාරගන්නා ලදී. සභාපති ධුරයට පත්වීමට ප්‍රථම ඒ මහතා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්යක්ෂ ජනරාල් ලෙස සේවය කළ අතර, දෙස් විදෙස් ප්රමුඛ ආයතන කිහිපයක උසස් තනතුරු හොබවා ඇත.