ප්‍රයිම් ලෑන්ඩ්ස් රෙසිඩන්සීස් ලිමිටඩ් 2021 ජුනි 08 දින සිට කොළඹ කොටස් වෙළෙඳ පොළේ (CSE) දිරිසවි පුවරුවේ ලැයිස්තුගත කිරීමට නියමිත බව කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව නිවේදනය කරයි.
ඒ අනුව සමාගම ඡන්දහිමි සාමාන්‍ය කොටස් 937,500,000ක් ලැයිස්තුගත කරනු ඇති අතර, එම සමාගම රියල් එස්ටේට් (Real Estate) කර්මාන්ත කාණ්ඩය යටතේ වර්ගීකරණය කෙරේ.
ප්‍රයිම් ලෑන්ඩ්ස් රෙසිඩන්සීස් ලිමිටඩ් ලැයිස්තුගත කිරීම සිදු කෙරෙනුයේ 2021 මැයි 11 වැනි දින කරනු ලැබූ සාර්ථක මූලික මහජන කොටස් නිකුතුවෙන් පසුවය. කොටසකට රු.10.40ක් බැගින් මූලිකව නිකුත්කළ කොටස් 100,000,000ට ආරම්භක දිනයේම අධි දායකත්වයක් ලැබී තිබුණු අතර, එමගින් රු.බිලියන 1.04ක ප්‍රාග්ධනයක් රැස්කිරීමට සමාගම සමත් විය.
ඒ අනුව සාමාගම අමතර කොටස් නිකුත් කිරීමේ විකල්පය තෝරාගත් අතර, කොටසකට රු.10.40 බැගින් සමාගමේ ඡන්ද හිමි සාමාන්‍ය කොටස් 87,500,000ක් අමතරව නිකුත් කිරීමත් සමග රැස්කොටගත් මුළු ප්රාග්ධනය රු.බිලියන 1.95කි.