දිවයින පුරා නැණසල මධ්‍යස්ථාන 1,000 ක් පිහිටුවීමේ, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පය යටතේ, ශ්‍රී ලංකා තොරතුරැ තාක්ෂණ නියෝජිතායතනය (ICTA) මගින් පිහිටුවන ලද 750 වැනි නැණසල මධ්‍යස්ථානය කළුතර, අගලවත්ත, බෙල්ලන ශ්‍රී ධර්මපාල මහ පිරිවෙනෙහිදී පසුගියදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් විවෘත කෙරිණි.
වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද සමරසිංහ, අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන යන මහත්වරු මෙම අවස්ථාවට එක්වූහ.