ශ්රී ලංකාවේ 75 වැනි නිදහස් සැමරුම නිමිත්තෙන් නිකුත් කරන ලද සංසරණය සඳහා නොවන සමරු කාසි සීමිත ප්රමාණයක් 2023 මාර්තු 09 වැනි දින සිට කාසියක් රු.6,000කට පහත සඳහන් මහ බැංකු අලෙවි ස්ථාන හරහා අලෙවි කිරීමට කටයුතු යොදා තිබේ.
කාසි අලෙවිය පැමිණීමේ ප්රමුඛතාව මත පදනම් කර ගනිමින් පුද්ගල හැඳුනුම්පතේ තොරතුරු මත එක් අයෙකුට එක් කාසියක් බැගින් අලෙවි කෙරෙනු ඇත.
1. මුදල් කවුළුව ශ්රී ලංකා මහ බැංකුව, කොළඹ 01, දුරකථන - 011 247 7371
2. ආර්ථික ඉතිහාස කෞතුකාගාරය, සෙන්ට්රල් පොයින්ට් ගොඩනැගිල්ල, අංක 54, චැතම් වීදිය, කොළඹ 01 - දුරකථන 011 438 7405
3. අනුරාධපුර ප්රාදේශීය කාර්යාලය - දුරකථන 025 222 2024
4. මාතලේ ප්රාදේශීය කාර්යාලය - දුරකථන 066 222 2167
5. මාතර ප්රාදේශීය කාර්යාලය - දුරකථන 041 222 2269
6. ත්රිකුණාමලය ප්රාදේශීය කාර්යාලය - දුරකථන 026 222 6965
7. කිලිනොච්චිය ප්රාදේශීය කාර්යාලය - දුරකථන 021 228 5914
8. නුවරඑළිය ප්රාදේශීය කාර්යාලය - දුරකථන 052 222 4294