saravita-anim2

2025 ජනවාරි මස 23 වන බ්‍රහස්පතින්දා

2025 ජනවාරි මස 23 වන බ්‍රහස්පතින්දා

Business - timelapse 5720 hours ago

LATEST

2021 මැයි මාස උද්ධමනය සියයට 6.1ක් දක්වා ඉහළට

calendar_today 2021 ජුනි 22 - 12:12 remove_red_eye - 84  

ආහාර කාණ්ඩයෙහි ප්‍රධාන වශයෙන් පොල්තෙල්, සහල් සහ නැවුම් මත්ස්‍ය මිල ගණන්වල ඉහළ යෑමක් දක්නට ලැබුණි. තවද සෞඛ්‍ය (රසායනාගාර ගාස්තු, පෞද්ගලික රෝහල්, සාත්තු නිවාස ගාස්තු), නිවාස, ජලය සහ ගෘහ භාණ්ඩ, ගෘහ උපකරණ සහ ගෘහ ඒකක නඩත්තු යන උප කාණ්ඩවල මිල ගණන්ද ඉහළ යෑම හේතුවෙන් ආහාර නොවන කාණ්ඩයෙහි මිල ගණන්ද ඉහළ යෑමක් මැයි ම

‘සැමට ඩිජිටල් (D4E)’ යන තේමාව යටතේ නව ජාතික වැඩසටහනක් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විසින් ආරම්භ කර තිබේ.

Read More

මැයි මාසයේ ආරම්භ වූ එක්ස්ප්‍රෙස් පර්ල් බහාලුම් යාත්‍රා ගින්නෙන් පසුව, එක්සත් රාජධානියේ රජය විසින් ශ්‍රී ලංකාවේ සාගර ජීවීන් සහ වෙරළබඩ වාසස්ථාන කෙරෙහි ඇති කරන බලපෑමට ප්‍රතිචාර දැක්වීම සඳහා සමුද්‍ර දූෂණය පිළිබඳ විශේෂඥ දැනුම ලබාදී තිබේ.

Read More

උතුරු නැගෙනහිර පළාත් හි ජනතාවගේ බලය බෙදීමේ සහ සංවර්ධන අභිලාෂයන්හි විවිධ පැතිකඩ සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර ඇත. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රමයේ සහ ව්‍යවස්ථාවේ ඉතා වැදගත් කොටසක් වන පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් වන ප්‍රගතිය පිළිබඳව TNA නියෝජිත පිරිස විසින් ඉන්දීය මහ කොමසාරිස්වරයා දැනුවත් කර තිබේ.

Read More

එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සිදුවීමට ප්‍රතිචාර දක්වන ශ්‍රී ලංකාවට සහාය පළ කරමින්, ඔස්ට්‍රේලියාව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට අත්‍යවශ්‍ය වෙරළබඩ පිරිසිදු කිරීමේ උපකරණ පරිත්‍යාගයක් සිදුකර තිබේ.

Read More

ඉදිරි වසර 10 තුළ දළ දේශීය නිෂ්පාදිතය දෙගුණ කිරීමේ දැක්ම සාක්ෂාත් කර ගැනීම හා සැමට ප්‍රතිලාභ බෙදීයන අයුරින් ශීඝ්‍ර වර්ධනයක් ලගාකර ගැනීමට අවශ්‍ය ආයෝජන ආකර්ෂණයන් අත්කර ගැනීම සඳහා වූ ක්‍රියාත්මක විය හැකි අංශ හයක් සහ ඊට සමගාමී උප අංශ මේ වන විටත් හඳුනාගෙන ඇති බව BOI සභාපතිවරයා පවසයි.

Read More

මන්ත්‍රීවරුන්ට ගෙන ඒමට නියමිතව තිබූ වාහන ඇණවුම අවලංගු කර අවසන් ​බව මුදල් රාජ්‍ය ඇමති ජනතාවට සහතිකයක් දෙයි.

Read More

කොවිඩ්-19 එන්නත් මාත්‍රා මිලියන 4ක් ආනයනය කිරීම සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව වෙත වෙළෙඳ ණය පහසුකම් සලසා දීමට ලංකා බැංකුව, මහජන බැංකුව සමග එක්ව ස්ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ් ශ්‍රී ලංකා බැංකුව කටයුතු කර තිබේ.

Read More

කෘෂි කර්මාන්තයේ වර්ධනය සඳහා නව තාක්ෂණය පිළිබඳ දැනුවත්භාවය සහ භාවිතය වැඩි දියුණු කිරීමට කෘෂි නිපැයුම් තාක්ෂණික වේදිකාවක් බිහිකිරීමේ ක්‍රියාකාරි වැඩපිළිවලක් ආරම්භ කෙරේ.

Read More

ඉන්ධන මිල ඉහළ දැමීමෙන් පසුව පවා, ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ අඩු ඉන්ධන මිල ගණන් දරණ රටක් බව මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳ පොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පෙන්වා දෙයි.

Read More

2019 ජූලි 01 වැනි දින හෝ ඊට පසුව විවෘත කළ විශාල නොවන හෝටල් දාමයන් විශ්ලේෂණය කරන ඇල්ගොරිතමයකින් ලැයිස්තුව තීරණය කර ඇති අතර, ධනාත්මක සමාලෝචන සහ ශ්‍රේණිගත කිරීම් විශාල ප්‍රමාණයක් ඒවාට ලැබී තිබීමද සලකා බලා ඇත.

Read More

කොවිඩ්-19 ව්‍යසනයේ තෙවැනි ව්‍යාප්තිය හමුවේ පීඩාවට පත් බලපත්‍රලාභී මුදල් සමාගම් සහ විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම්වල ගනුදෙනුකරුවන් මුහුණපා ඇති ගැටලු සැලකිල්ලට ගනිමින්, මෙහි සඳහන් සහනයන් ලබාදීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එම ආයතන වෙතින් ඉල්ලා තිබේ.

Read More

මෙම ආධාරයෙන්, මෙම හදිසි අවස්ථාව හේතුවෙන් තම ජීවනෝපාය බලපෑමට ලක්වූ පවුල්වලට කඩිනමින් උපකාර ලබාදෙනු ඇති බවත්, ප්‍රතිචාර සම්බන්ධීකරණය සහ කළමනාකරණය සඳහා දැනට ලබාදෙමින් පවතින සහාය තවදුරටත් පුළුල් කරනු ඇති බවත් ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.

Read More

ජල සම්පාදන හා සනීපාරක්ෂක වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය (WASSIP) හරහා දිස්ත්‍රික්ක 7ක ජල සැපයුම, සනීපාරක්ෂාව සහ සනීපාරක්ෂක සේවා පුළුල් කිරීම සඳහා ශ්‍රී ලංකාවට ඇ.ඩො.මිලියන 40ක අතිරේක මූල්‍ය පහසුකම් සැපයීමට ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලය අනුමත කර තිබේ.

Read More

ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 තුන් වැනි රැල්ලක් පැතිරයාම හේතුවෙන් ආසාදිතයන් වාර්තාවීම දිනෙන් දින ඉහළ යමින් පවතින තත්ත්වයක් හමුවේ, එය මර්දනය කිරීමේ ජාතික ක්‍රියාන්විතයට දායකවීමක් ලෙස ’හයි-ෆ්ලෝ ඔක්සිජන් තෙරපි’ යන්ත්‍ර (High flow oxygen therapy machines) තොගයක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කිරීමට කොළඹ වරාය නගරය කටයුතු කර තිබේ.

Read More

තාක්ෂණික සමාගම් ව්‍යාප්ත කිරීමේදී දුෂ්කරතා රැසකට මුහුණ දීමට සිදුවේ. විශේෂයෙන් සාම්ප්‍රදායික ණය ඇගයීමේ ක්‍රම මගින් නිශ්චිත ණය ප්‍රමාණයක් ලබා ගැනීමට හෝ ව්‍යාපාර ණයක් සඳහා සුදුසුකම් ලැබීමට භෞතික ඇපකර ඉදිරිපත් කිරීමට අවශ්‍ය වීම ඊට හේතුවයි.

Read More

ව්‍යාජානුකරණය කරන ලද සහ ප්‍රකාශන මංකොල්ලකෑම් සිදුකරන ලද නිෂ්පාදන මගින් අපේ ජීවිතවලට සහ ආර්ථිකයට සිදුකරනු ලබන බරපතළ බලපෑම ගැන අප විසින් අවබෝධ කර ගත යුතු අතරම, බුද්ධිමය දේපළ ආරක්ෂණය සම්බන්ධයෙන් මේ මොහොතේ ශ්‍රී ලංකාව කෙසේ කටයුතු කළ යුතුව ඇතැයිද, ඇසෝසියේට්ස් නීතිඥ සමාගමේ ජ්‍යෙෂ්ඨ නීතිඥ සුදත් පෙරේරා මෙසේ අදහස් දක්වයි.

Read More

ප්‍රධාන සමුළුවට අමතරව, චීනය, ජපානය, ඉන්දියාව, දකුණු කොරියාව, එක්සත් රාජධානිය, යුරෝපය, ඇමෙරිකා එක්සත් ජනපදය යන රටවල ආයෝජකයන් මුල් කොටගත් විශේෂ සැසිවාර කිහිපයක්ද මෙහිදී සංවිධානය කර තිබුණි.

Read More

ඊයේ (08දා) දහවල් වනවිට මෙම සමුළුවේ සම්පූර්ණ කාලයෙන් අඩක් ගතවන විටත් රටවල් 80කට අධික සහභාගිත්වයක් ලබා දී ඇත. විවිධ කේෂ්ත්‍රයන්ට අයත් ආයෝජකයන් 1,883කට වැඩි පිරිසකගේ අවධානය ශ්‍රී ලංකාව තුළ ආයෝජනය සඳහා යොමු වී ඇත. අමතර සහභාගි වන්නන් 2,784ක් සමුළුවට එක් වූ බවද වාර්තා වේ. සැසිවාර 118 ක් තුල කථිකයන් 108 දෙනෙකු සමුළුව අමතා ඇත.

Read More

කොවිඩ්-19 පැතිර යාමට එරෙහි සටනට මුහුණදීම සඳහා ශ්‍රී ලංකාවේ ජනතාවට සහාය ලබාදීමක් ලෙස එක්සත් ජනපදය විසින් එවන ලද හදිසි අවස්ථා සැපයුම් තොගයක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත භාරදී තිබේ.

Read More

රට තුළට ගලාඑන විදේශ මුදල් ප්‍රවාහයන් දිරිමත් කිරීමේ අදහසින්, මුදල් අමාත්‍යවරයාගේ එකඟතාව සහිතව සහ 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ විධිවිධානවලට අනුකූලව, තම ව්‍යාපාරික ශක්තීන් උපරිම ලෙස යොදාගනිමින් විදේශයන්ගෙන් අරමුදල් සම්පාදනය කරගැනීමේ අවස්ථා උදාකර ගැනීම පිණිස ශ්‍රී ලංකා මහ බැංකුව පෞද්ගලික අංශයට ඇරයුම් කරයි.

Read More

පවතින අභියෝගකාරී තත්ත්වය හමුවේ, බලපත්‍රලාභී බැංකු වෙත සහාය දැක්වීමක් වශයෙන් තම එදිනෙදා ගනුදෙනු හැකිතාක් දුරට ඔන්ලයින් සේවාවන්/ගෙවීම් ක්‍රම භාවිතයෙන් සිදුකරන මෙන් සහ අත්‍යවශ්‍ය බැංකු සේවා සඳහා පමණක් බැංකු ශාඛාවන් අමතන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

Read More

කොමර්ෂල් බැංකුව, සම්පත් බැංකුව, සෙලාන් බැංකුව, නේෂන්ස් ට්‍රස්ට් බැංකුව, ඩීඑෆ්සීසී බැංකුව, යූනියන් බැංකුව සහ අමානා බැංකුව මෙලෙස සතිය පුරාවටම සිය ශාඛා ජාලය වසා තබන බට දැනුම් දී ඇති අතර, හැටන් නැෂනල් බැංකුව හෙට සහ අනිද්දා දිනයන් හි සිය ශාඛා වසා තබන බව දැනුම් දී තිබේ.

Read More

කලාපයේ පළමු වැනි සහ විශාලතම අතථ්‍ය ආයෝජන සංසදය ලෙස ’ශ්‍රී ලංකා ආයෝජන සංසදය 2021’ අද (07දා )සිට 09දා දක්වා පැවැත්වීමට නියමිතය.

Read More

ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ඩිජිටල් යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම අරමුණු පදනම කරගත් රජයේ ව්‍යාපෘතිවල අඛණ්ඩ වර්ධනයක් පසුගිය වසරේ පෙන්නුම් කළ බව නවතම මහ බැංකු වාර්තාව (2020) පෙන්වා දෙයි.

Read More

PPE හි උසස් තත්ත්වයේ ආවරණ 16,500ක්, ශල්‍ය මුඛ ආවරණ 25,000ක්, ඔස්ට්‍රේලියානු සමාගමක් වන ඇන්සල් විසින් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන ලද අත්වැසුම් 100,000ක්, එන්නත් ප්‍රවාහනය සඳහා ගූගල්ස් 175ක් සහ ලීටර් 25 සිසිල් බහාලුම් 15කින් සමන්විත වූ අතර, එය කොවිඩ්-19 තවදුරටත් සම්ප්‍රේෂණය අවම කිරීම සඳහා වූ ශ්‍රී ලංකාවේ උත්සාහයන්ට සහාය වනු ඇති බව කියයි.

Read More

ප්‍රයිම් ලෑන්ඩ්ස් රෙසිඩන්සීස් ලිමිටඩ් ලැයිස්තුගත කිරීම සිදු කෙරෙනුයේ 2021 මැයි 11 වැනි දින කරනු ලැබූ සාර්ථක මූලික මහජන කොටස් නිකුතුවෙන් පසුවය.

Read More

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ සහ මුදල්, ප්‍රාග්ධන වෙළෙඳ පොළ හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් යන මහත්වරු ප්‍රමුඛ නියෝජිත පිරිසක් ඊට එක්වූහ.

Read More

මෙම කාලසීමාව තුළදී පළමු වැනි සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සඳහා වෙන්වූ Empower පුවරුවෙහි පළමු වැනි ලැයිස්තුගත වීම වාර්තා වූ අතර, රාජ්‍ය හිමිකාරීත්වය සහිත ලංකා විදුලි බල මණ්ඩලයෙහි ප්‍රථම ලැයිස්තුගත මහජන ණයකර නිකුතුවද සිදුවිය.

Read More

ශ්‍රී ලංකාවට අනන්‍ය වූ අති නවීන ඛනිජ තෙල් පරීක්ෂණාගාරයක් පිහිටුවීම සඳහා හම්බන්තොට ජාත්‍යන්තර වරාය ඉන්ටර්ටෙක් ලංකා පුද්ගලික සමාගම සමග හවුල්කාරීත්වයකට එලැඹ තිබේ. මෙම පරික්ෂණාගාරය ඛනිජ තෙල් සාම්පල සහතික කිරීම, පරීක්ෂා කිරීම ආදී සේවා සපයනු ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.