ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංවර්ධන කේන්ද්‍රස්ථාන පහේ රජයේ ක්රමෝපායන් පිළිබඳව සංවාදයට ලක්කළ ප්‍රථම සංවාද මණ්ඩපය ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ හිල්ටන් හෝටලයේදී පසුගියදා පැවැත්විණි.
තුන්සීයකට ආසන්න පිරිසක් සහභාගී වූ මෙම සමුළුවේදී රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ විද්වතුන් රැසක් අදහස් දැක්වූ අතර, ප්‍රධාන දේශනය පවත්වන ලද්දේ මහ බැංකු අධිපති අජිත් කබ්රාල් මහතා විසිනි.
විජය පුවත්පත් සමාගමේ ඩේලි එෆ්ටී පුවත්පත, කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන්ගේ සංගමය සමග එක්ව මෙය සංවිධානය කළේය.