රට තුළ පවුල් ලක්ෂ 25ක් නිවාස ප්‍රශ්නයෙන් පීඩා විඳින බවත්, මෙම පවුල් ලක්ෂ 25ටම 2025 වසර වනවිට නිවාස ලබාදීම වත්මන් රජයේ ප්‍රධාන අරමුණක් වන බවත් නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසා තිබේ.
උදාගම් ව්‍යාපෘතියට සමගාමීව ඉදිකෙරෙන රක්ෂණ උදාගම සඳහා රු.ලක්ෂ 60ක මුදලක් පෞද්ගලික රක්ෂණ සමාගමක් මගින් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙසේ පවසා සඳහන් කර ඇත.
අද වනවිට උදාගම්මාන 25ක් ජනතා අයිතියට පත්කර ඇති බවත්, රට පුරාම උදාගම්මාන ව්‍යාපෘති 380ක වැඩකටයුතු ක්‍රියාත්මක වෙමින් පවතින බවත් පැවසූ අමාත්‍යවරයා, මේ වසරේ සිය අමාත්‍යාංශයේ ඉලක්කය කෙසේ හෝ උදාගම්මාන 500ක වැඩකටයුතු ආරම්භ කර ක්‍රියාත්මක කිරීම බවද පෙන්වා දී තිබේ.