2023 වසරේ, ජුනි මස 28 වැනි දින දක්වා කාලය තුළ ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 17.6%ක අතිප්‍රමාණය වීමක් වාර්තා කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
අඩු ආනයනික ඉල්ලුම් පීඩනයන් මධ්‍යයේ වුවද, අපනයන ආදායම සහ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සැලිකය යුතු ලෙස රුපියල්වලට පරිවර්තනය කිරීමත් සමග දේශීය විදේශ විනිමය වෙළෙඳපොළ ද්‍රවශීලතාවයේ අඛණ්ඩ වර්ධනයක් නිරීක්ෂණය වන බවද මහ බැංකුව පෙන්වා දෙයි. මෙහිදී, ශ්‍රී ලංකා රුපියල, යූරෝ (14.6%ක්), ස්ටර්ලින් පවුම (11.3%ක්), ජපන් යෙන් (27.7%ක්), ඔස්ට්‍රේලියානු ඩොලරය (19.8%ක්) සහ ඉන්දියානු රුපියලට (16.5%) සාපේක්ෂවද මේ වසරේ මේ දක්වා අතිප්‍රමාණය වී තිබේ.
මීට අමතරව, විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ 2023 අප්‍රේල් මාසයේ වාර්තා වූ ඇ.ඩො.මිලියන 454ට සාපේක්ෂව 2023 මැයි මාසයේදී ඇ.ඩො.මිලියන 480ක් දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවද මහ බැංකුව වැඩිදුරටත් පෙන්වා දෙයි.