ස්ථායීතාව අරමුණු කරගත් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග සහ එමගින් ඇතිවූ දැඩි මුදල් සහ රාජ්‍ය මූල්‍ය තත්ත්ව මෙන්ම, සැපයුම් අංශයේ බාධා සහ පවතින අවිනිශ්චිතතා ඇතුළු අනෙකුත් සාධකවල බලපෑම හේතුවෙන් 2022 වසරේදී මූර්ත ආර්ථිකය සංකෝචනය වනු ඇතැයි මහ බැංකුව අපේක්ෂා කරයි.
මුදල් ප්‍රතිපත්ති විවරණය ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය 24දා මෙම තොරතුරු අනාවරණය කළේය.
කෙසේ වුවද, සැපයුම් තත්ත්වයන්ගේ අපේක්ෂිත වර්ධනයන්, වැඩිදියුණු වූ වෙළෙඳපොළ විශ්වසනීයත්වය සහ ආර්ථික තත්ත්ව ස්ථායී කිරීම සඳහා ගනු ලැබූ නිවැරදි කිරීමේ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවල බලපෑමේ සහායෙන් ආර්ථික ක්‍රියාකාරකම් ක්‍රමානුකූලව සහ තිරසාර ලෙස යථාතත්ත්වයට පත්වනු ඇතැයිද මහ බැංකුව වැඩිදුරටත් අපේක්ෂා කරයි.