සමස්තයක් වශයෙන් ගත්විට 2022 පළමු වැනි කාර්තුවේදී පමණක් ශ්‍රී ලංකාවේ ජනතාවට ඉන්දියාව ලබාදුන් සහයෝගය ඇ.ඩො.බිලියන 2.5ක් ඉක්මවන බව ශ්‍රී ලංකාවේ පිහිටි ඉන්දීය මහ කොමසාරිස්වරයා පවසයි.
ඇ.ඩො.මිලියන 500ක ඉන්දීය ණය ආධාර යටතේ ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක තොගයක් මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා විසින් ශ්‍රී ලංකා බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා වෙත පෙරේදා (02දා) කොළඹදී භාරදීම නිමිත් කරගෙන මෙම නිවේදනය සිදුකර තිබේ. මෙම ඉන්ධන තොගය සමග පසුගිය දින 50 තුළ ශ්‍රී ලංකාවට ලබාදුන් සමස්ත ඉන්ධන ප්‍රමාණය මෙට්‍රික් ටොන් 200,000කට ආසන්න බවද ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පෙන්වා දෙයි.
මේ අතර, ශ්‍රී ලංකා රජය විසින් සිදුකරන ලද හදිසි ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන්, ආහාර සහ ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීම සඳහා ඇ.ඩො.බිලියන 1ක් දක්වා ණය පහසුකමක් ලබාදී ඇති ඉන්දියාව, මේ යටතේ ප්‍රථම සහල් නැව්ගත කිරීම ඉක්මනින් ශ්‍රී ලංකාවට පැමිණෙන බවද සඳහන් කරයි. එමෙන්ම, 2022 ජනවාරි මාසයේදී ඇ.ඩො.මිලියන 400ක විනිමය හුවමාරු පහසුකමක් (SWAP) සහ ඇ.ඩො.මිලියන 515කට වඩා වැඩි ආසියානු නිෂ්කාශන සංගමයේ ගෙවීම කල් දැමීමක්ද ඉන්දීය ආධාරයන්ට අතුළත් වී තිබේ. ඒ අනුව සමස්තයක් වශයෙන් ගත්විට, 2022 පළමු වැනි කාර්තුවේදී ශ්‍රී ලංකාවේ ජනතාවට ඉන්දියාව ලබාදුන් සහයෝගය ඇ.ඩො.බිලියන 2.5ක් ඉක්මවන බව මහ කොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් පවසා සිටියි.