2022 වසරේ මැයි මස මැදදී දෛනික විචලන පරාසය හඳුන්වා දීමෙන් පසුව විනිමය අනුපාතිකයේ සමස්තයක් ලෙස පැවති ස්ථාවරත්වය 2022 වසරේ නොවැම්බර් මාසයේදීද අඛණ්ඩව පැවති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
ඒ අනුව, 2022 වසරේදී ශ්‍රී ලංකා රුපියල ඇ.ඩොලරයට සාපෙක්ෂව 44.8%ක අවප්‍රමාණයක් වාර්තා කළද, 2022 මැයි මස 13 දින සිට 2022 වසර අවසානය වනවිට එය ඇ.ඩොලරයට සාපේක්ෂළු සුළු අවප්‍රමාණය වීමක් පමණක් වාර්තා කර ඇති බවද මහ බැංකුව පෙන්වා දෙයි.
මේ අතර, අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්වල හැසිරීඹ පිළිබිඹු කරමින්, 2022 වසර තුළදී ශ්‍රී ලංකා රුපියල, යූරෝ, ස්ටර්ලින් පවුම, ජපන් යෙන්, ඔස්ට්‍රේලියානු ඩොලරයට සහ ඉන්දියානු රුපියලට සාපෙක්ෂවද අවප්‍රමාණය වී තිබේ.