2022 වසරේදී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 2.4%ක් දක්වා පහත වැටෙනු ඇති බව ආසියානු සංවර්ධන බැංකුව පුරෝකථනය කරයි.
ආසියානු කලාපයේ සංවර්ධනය වෙමින් පවතින රාජ්‍යයන්හි ආර්ථික ඉදිරි දැක්ම සම්බන්ධයෙන් ඊයේ (06දා) නිකුත් කෙරුණු සිය නවතම Asian Development Outlook වාර්ෂික වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ තත්ත්වයද මෙසේ විග්රහ කර තිබුණි.
ශ්‍රී ලංකාව මුහුණදුන් කොවිඩ්-19 වසංගත තත්ත්වය මෙන්ම, රට තුළ ඉහළ යන රාජ්‍ය ණය, විදේශ විනිමය සංචිත කඩා වැටීම සහ දැඩි උද්ධමන පීඩනය හේතුවෙන් සාර්ව ආර්ථික ගැටලු රැසකට ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින බව එම වාර්තාව පෙන්වා දෙයි.
"කොවිඩ්-19 වසංගතයේ ඔමික්‍රොන් ප්‍රභේදයේ ව්‍යාප්තිය රට තුළ අඩුවෙමින් තිබුණත්, ශ්‍රී ලංකාව දැන් අභියෝග රැසකට මුහුණ දෙමින් සිටිනවා. ආහාර, ඉන්ධන මෙන්ම, අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟයක් මෙන්ම, ඒවායෙහි මිල ඉහළ යෑම තුළ දැඩි උද්ධමන පීඩනයක් දකගැනීමට පුළුවන්. ඒ වගේම, ආනයන වියදම් ඉහළ යෑමත්, සැපයුම් දාමයේ ඇතිවූ ගැටලුත් වර්ධනය වෙමින් පවතිනවා. මේ සියලු ගැටලුවලට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ විදේශ විනිමය හිඟයයි." ආසියානු සංවර්ධන බැංකු වාර්තාවේ දැක්වේ.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා ආර්ථිකයේ 2023 වසර තුළ 2.5%ක පමණ සුළු වර්ධනයක් දැකගත හැකිවනු ඇතැයිද ආසියානු සංවර්ධන බැංකුවේ නවතම වාර්තාව වැඩිදුරටත් පුරෝකථනය කර තිබේ.