ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද දත්ත වලට අනුව 2022 ජූලි මාසයේදී වෙළඳ භාණ්ඩ අපනයනය ඉපැයීම් එක්සත් ජනපද ඩොලර් මිලියන 1,128.7ක් ලෙස වාර්තා වේ.
එය පෙර වසරට සාපේක්ෂව 2.25 % වර්ධනයක් වන අතර, මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු වූයේ ඇඟලුම් සහ රෙදිපිළි අපනයන ඉපැයීම් ඉහළ යාම බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.
2022 ජනවාරි-ජූලි කාලසීමාව සඳහා සේවා අපනයනවල ඇස්තමේන්තුගත වටිනාකම ඩොලර් මිලියන 1,146ක් වූ අතර, එය 2021 අනුරූප කාලපරිච්ඡේදයට වඩා 5.39 %කින් වැඩි වී ඇත.
අපනයන සංවර්ධන මණ්ඩලයවිසින් ඇස්තමේන්තු කරන ලද සේවා අපනයන ICT/BPM, ඉදිකිරීම්, මූල්‍ය සේවා / ප්‍රවාහන සහ සැපයුම් සේවාවලින් සමන්විත වේ.