කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 දෙසැම්බර් මාසයේ පැවති 12.1% සිට 2022 ජනවාරි මාසයේදී 14.2%ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.
එමෙන්ම, වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වෙනස, 2021 දෙසැම්බර් මාසයේ පැවති 6.0% සිට 2022 ජනවාරි මාසයේදී 6.9%ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, උද්ධමනය සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදුවූ මාසික ඉහළ යෑම් හේතු වූ බව මහ බැංකුව පෙන්වා දෙයි.
ඒ අනුව, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්යමය උද්ධමනය 2021 දෙසැම්බර් මාසයේ පැවති 22.1% සිට 2022 ජනවාරි මාසයේදී 25.0%ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්යමය උද්ධමනය 2021 දෙසැම්බර් මාසයේ පැවති 7.5% සිට 2022 ජනවාරි මාසයේදී 9.2%ක් දක්වා ඉහළ ගොස් තිබේ.
2021 දෙසැම්බර් මාසය තුළ ආහාර කාණ්ඩයෙහි සහල්, නැවුම් පලතුරු, කිරිපිටි සහ පාන් මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව මහ බැංකුව පවසයි. තවද, ආහාර නොවන කාණ්ඩය තුළ ප්‍රධාන වශයෙන් ප්‍රවාහන (පෙට්‍රල්, ඩීසල්, බාස් ගාස්තු), නිවාස, ජලය, විදුලිය, ගෑස් සහ අනෙකුත් ඉන්ධන (නිවාස කුලී, නඩත්තු/පිළිසකර කිරීම්), අධ්‍යාපනය (උසස් අධ්‍යාපන සහ වෘත්තීය පුහුණු පාඨමාලා ගාස්තු) සහ ආපනශාලා සහ හෝටල් යන උප කාණ්ඩවල අයිතමවල මිල ගණන්ද 2022 ජනවාරි මාසයේදී ඉහළ ගොස් ඇති බව මහ බැංකුව වැඩිදුරටත් පෙන්වා දෙයි.