ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය 2021 ඔක්තෝබර් මාසයේ පැවති 8.3% සිට නොවැම්බර් මාසයේදී 11.1%ක් දක්වා සැලකිය යුතු ඉහළ යෑමක් පෙන්නුම් කර තිබේ.
මේ අතර, වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි වෙනස, 2021 ඔක්තෝබර් මාසයේ පැවති 5.7% සිට නොවැම්බර් මාසයේදී 6.2%ක් දක්වා තවදුරටත් ඉහළ ගොස් ඇත.
උද්ධමනය ඉහළ යෑම සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදුවූ මාසිද ඉහළ යෑම් හේතු වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 2021 නොවැම්බර් මාසයේදී ආහාර කාණ්ඩය තුළ එළවළු, කිරිපිටි, ලොකුළූණු, නැවුම් මත්ස්‍ය සහ කුකුල් මස් මිල ගණන් ඉහළ ගොස් ඇති බවත්, ආහාර නොවන කාණ්ඩය තුළ ප්‍රධාන වශයෙන් ආපනශාලා සහ හෝටල්, මද්‍යසාර පාන වර්ග සහ දුම්කොළ යන උප කාණ්ඩවල අයිතමයන්හි මිල ගණන් ඉහළ යෑමද මේ තත්ත්වයට හේතු වී ඇති බව මහ බැංකුව වැඩිදුරටත් පෙන්වා දෙයි.