ශ්‍රී ලංකාවේ අනාගත ඩිජිටල් වෙළෙඳාම සහ කර්මාන්තකරණය ජය ගැනීම උදෙසා දැනටමත් සැලසුම් කර ඇති බවත්, ඒ අනුව 2020 වනවිට ශ්‍රී ලංකාවේ ඩිජිටල් සාක්ෂරතාව 90% දක්වා වැඩි කිරීමට බලාපොරොත්තු වන බවත්, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සඳහන් කළේය.
මේ සඳහා වූ අවශ්‍ය සැලසුම් හා පියවර ගෙන ඇති බව අමාත්‍යවරයා පවසා සිටියේ එම අමාත්‍යාංශයේ පැවති "ඩිජිටල් වෙළෙඳ පොළ හා කර්මාන්තකරණය" පිළිබඳ සාකච්ඡාවකට සහභාගී වෙමිනි. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"රජය 2017 - 2020 මාධ්‍ය කාලීන ඩිජිටල් උපාය මාර්ගයන් ලෙස මේ වනවිට, තොරතුරු සඳහා වූ යටිතල පහසුකම් සංවර්ධනය, මානව සම්පත් සංවර්ධනය, විද්‍යුත් ආණ්ඩුකරණය (E - Government ), සයිබර් පරිසරයේ ආරක්ෂාව තහවුරු කිරීම හා ඩිජිටල් අන්තර්ගතය වැඩිදියුණු කිරීම යන අංග 05 කෙරෙහි අවධානය යොමු කර, ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග දියත් තිබෙනවා" යැයි පවසා සිටියේය.