2020 වසරේ ආර්ථිකය මූර්ත වශයෙන් 3.6%කින් හැකිලී ඇති බවත්, වසංගතය හේතුවෙන් ගෝලීය ආර්ථිකයෙහි ඇති වූ පසුබෑම හා සමගාමීව, නිදහසින් පසු ශ්රී ලංකාවේ විශාලතම ආර්ථික අවපාතය 2020 වසරේ වාර්තා කර ඇති බවත් නවතම මහ බැංකු වාර්තාව පෙන්වා දෙයි.
පවත්නා වෙළෙඳ පොළ මිල අනුව දළ දේශීය නිෂ්පාදිතය පහළ යෑමේ සහ ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්රී ලංකා රුපියල අවප්රමාණය වීමේ ඒකාබද්ධ බලපෑම පිළිබිඹු කරමින්, ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය පෙර වසරේ වාර්තා වූ ඇ.ඩො. 3,852 සිට 2020 වසරේදී ඇ.ඩො. 3,682ක් දක්වා පහළ ගොස් තිබේ. එමෙන්ම සමස්ත ආර්ථිකයේ ප්රමාණයද 2019 වසරේ ඇ.ඩො. බිලියන 84.0ක සිට 2020 වසරේදී ඇ.ඩො.බිලියන 80.7ක් දක්වා පහළ ගොස් ඇත.