2019 ජාතික අයවැය ලේඛනයට ඇතුළත් කිරීම සඳහා සලකා බැලීම පිණිස මුල් ළමාවිය කේන්ද්‍ර කරගත් අයවැය යෝජනා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා වෙත පිළිගන්වා තිබේ.
මෙම යෝජනා අමාත්‍යවරයා වෙත පිළිගන්වා ඇත්තේ බුද්ධි වර්ධනය තුළින් අනාගතය ගොඩනැගීම මැයෙන් පැවැත්වූ ශ්‍රී ලංකාවේ මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ අද (16දා) පැවති ඉහළ මට්ටමේ රැස්වීමේදීය. 2018 ජාතික මුල් ළමාවිය රැකවරණ හා සංවර්ධන ජාතික සතියේ ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ දිනය සමරමින් සිදුකරන ලද, සන්ධිස්ථානයක් ලෙස මෙම ඉහළ මට්ටමේ රැස්වීම සැලකෙයි.
සෞඛ්‍යය හා පෝෂණය, ආරක්ෂාව සහ මුල් ළමාවිය අධ්‍යාපනය කෙරෙහි අවධානය යොමුකළ වැදගත්, නව හා අතිරේක අයවැය යෝජනා සෞඛ්‍ය, පෝෂණය සහ දේශීය වෛද්‍ය, කාන්තා සහ ළමා කටයුතු සහ අධ්‍යාපන යන අමාත්‍යාංශ විසින් 2019 අයවැය ලේඛනයට ඇතුළත් කිරීම සඳහා සලකා බැලීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා වෙත මෙම රැස්වීමේදී ඉදිරිපත් කර ඇත.