විසර්ජන පනත් කෙටුම්පතටඅනුව 2019 වසරේ සමස්ත රාජ්‍ය වියදම රු.බිලියන 4,376ක් වන අතර, එම වසර සඳහා වන අයවැය පරතරය රු.බිලියන 644ක් බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි. එය දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.1%කි.
2019 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පසුගියදා ඉදිරිපත් කරන ලදුව එය අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
එමෙන්ම, 2014 වසරේදී ද.දේ.නි. යෙන් 11.5% ක්ව පැවැති රාජ්‍ය ආදායම මෙම රජය බලයට පත්වූවායින් පසුව ක්‍රමිකව වැඩිකර ඇති බවත්, එය 2019 වන විට 15.1% ක් දක්වා වැඩිවනු ඇතැයි අපේක්ෂා කෙරෙන බවත් මුදල් අමාත්‍යාංශය කියයි.
එමෙන්ම, වසර 63 කට පසුව 2017 දී ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් මුල්වරට වාර්තා වූ අතර, 2019 වසරේදී එම ප්‍රාථමික ගිණුමේ අතිරික්තය ද.දේ.නි. යෙන් 1.3%කින් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කර තිබේ.