2019 ජුනි මාසයේදී වෙළෙඳ හිඟය 2018 වසරේ අනුරූප මාසයට සාපේක්ෂව කැපී පෙනෙන ලෙස අඩු වී ඇති බව ශ්රී ලංකා මහ බැංකුව පවසයි.
මෝටර් රථ සහ ඉන්ධන ආනයන අඩුවීම මෙසේ වෙළෙඳ හිඟය කැපී පෙනෙන ලෙස අඩුවීමට හේතු වී ඇති බව පෙන්වා දෙයි.
එමෙන්ම, සමුච්චිත වශයෙන් සැලකූ විට, 2019 වසරේ පළමු මාස 6 තුළදී වෙළෙඳ හිඟය 2018 අනුරූප කාලපරිචේඡදයට සාපේක්ෂව එ.ජ.ඩොලර් මිලියන 3,597ක් දක්වා ඩො.මිලියන 2,112කින් අඩුවී තිබේ.