සමාජ සුබ සිද්ධිය සඳහා බලපෑමක් කළ හැකි නවෝත්පාදක හා නිර්මාණාත්මක නිමැයුම් හෝ යෙදවුම් ජාතික ඇගැයීමට ලක් කෙරෙන ඩිජිටල් සමාජ සවිබල ගැන්වීමේ 2019 ඉ-ස්වාභිමානී සම්මාන ප්රදානය සදහා නාමයෝජනා භාරගැනීම සිදුවෙයි.
ඒ අනුව, 2019 ජූලි මස 5දා දක්වා නාමයෝජනා බාර ගැනීම සිදු කරන බව ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි.
මෙවර සම්මාන ප්රදානෝත්සවය පැවැත්වෙන්නේ 9 වැනි වතාවට වන අතර, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය වාර්ෂිකව මෙය සංවිධානය කරනු ලබයි.
රාජ්‍ය හා පුරවැසි සහභාගිත්වය ,සෞඛ්‍ය හා සුභසාධනය ,ඉගෙනුම හා අධ්‍යාපනය, පරිසරය හා හරිත බලශක්තිය,සංස්කෘතිය සංචාරක ව්‍යාපාරය,සුහුරු ජන ස්ථාපනය හා නාගරීකරණය,ව්‍යාපාර හා වානිජ්‍ය,අන්තර්ග්රහනය හා බලගැන්වීම ,ඩිජිටල් විනෝදාස්වාදය යන අංශ යටතේ නාම යෝජනා භාරගැනීම සිදුවන බව නියෝජිතායතනය වැඩිදුරටත් පවසයි.
www.eswabhimani.lk වෙබ් අඩවියට පිවිසීමෙන් වැඩිවිස්තර ලබාගත හැකිය.