ආනයන වියදම් කැපී පෙනෙන ලෙස අඩුවීම සමග 2018 වසරේ දෙසැම්බර් මාසයේදී වෙළෙඳ හිඟය 2017 වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබේ.
2018 වසරේ දෙසැම්බර් මාසයේ විදේශීය අංශයේ ක්රියාකාරීත්වය නිරූපණය කරමින් ශ්රී ලංකා මහ බැංකුව මෙම දත්ත වාර්තා කරයි.
2018 දෙසැම්බර් මාසයේදී අපනයන වාර්ෂික පදනම මත 1.4%කින් වර්ධනය වී ඇති අතර, ආනයන 15.3%කින් පහළ ගොස් තිබේ.
මෙහිදී, අපනයන ඉහළ යෑම සඳහා කාර්මික අපනයන ඉහළ යෑම ප්රධාන වශයෙන් දායක වී ඇත. මෙහිදී, ශ්රී ලංකා මහ බැංකුව සහ රජය විසින් ගනු ලැබූ ප්රතිපත්තිමය ක්රියාමාර්ගවල බලපෑම පිළිබිඹු කරමින් ආනයන වියදම අඩුවූ බව මහ බැංකුව පවසයි.
එහිදී, ආනයන යටතේ වර්ග කර ඇති සියලුම ප්රධාන කාණ්ඩ වන අන්තර් භාණ්ඩ, පාරිභෝගික භාණ්ඩ සහ ආයෝජන භාණ්ඩ ආනයන පහත වැටීම මෙම අඩුවීම සඳහා දායක වී ඇති බව මහ බැංකුව වැඩිදුරටත් පවසයි.