2017 වර්ෂයේ ජූලි මස නිෂ්පාදනයට සාපේක්ෂව, 2018 ජූලි මස නිෂ්පාදන කර්මාන්ත අංශයෙහි, කාර්මික නිෂ්පාදන දර්ශකයේ 1.1%ක වැඩිවීමක් වාර්තා වන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
2018 ජූලි මාසය සඳහා කාර්මික නිෂ්පාදන දර්ශකය නිල වශයෙන් ප්‍රකාශයට පත්කරමින් එම දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්යක්ෂ ජනරාල් අයි.ආර්. බණ්ඩාර මහත්මිය මෙම නිවේදනය සිදුකරයි.
තවද, 2018 සහ 2017 යන වර්ෂවල ජූලි මස මෙම දර්ශකය පිළිවෙලින් 105.9 ක් සහ 104.8 ක් විය.
කාර්මික නිෂ්පාදන දර්ශකය මඟින්, දෙන ලද කාලපරිච්ඡේදයකදී ආර්ථිකයේ කර්මාන්ත අංශයෙහි ස්වරූපය පිළිබඳ හඳුනා ගැනීමසිදු කෙරේ. තවද, මෙමඟින් කර්මාන්ත අංශයේ කෙටි කාලීන වෙනස්කම්ද හඳුනා ගත හැකිය.