2017 වසරට සාපේක්ෂව 2018 වසරේදී වෙළෙඳ හිඟය තරමක ඉහළ යෑමක් පෙන්නුම් කර තිබේ.
2018 වසරේදී මුළු භාණ්ඩ අපනයන ඇ.ඩො.බිලියන 11.9ක් දක්වා 4.7%කින් වර්ධනය වූ අතර, ආනයන ඇ.ඩො.බිලියන 22.2ක් දක්වා 6.0%කින් ඉහළ යාමක් වාර්තා කර ඇත.
මේ අනුව, වෙළෙඳ හිඟය 2017 වසරේදී වාර්තා වූ ඇ.ඩො.බිලියන 9.6ක සිට 2018 වසරේදී ඇ.ඩො.බිලියන 10.3ක් දක්වා යම් ඉහළ යෑමක් වාර්තා කර ඇති බව මහ බැංකුව පෙන්වා දෙයි.