ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ 69 වැනි වාර්ෂික වාර්තාව (2018) මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසින් මුදල් ඇමති මංගල සමරවීර මහතා වෙත පිළිගන්වා තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ 2018 වසර සඳහා වන වාර්ෂික වාර්තාව 1949 අංක 58 දරණ මුදල් නීති පනතේ 35 වැනි වගන්තියට අනුව මෙසේ එළිදැක්වෙයි.
මෙම අවස්ථාවට මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න, මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ, සහකාර අධිපතිනී ස්වර්ණා ගුණරත්න, ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්යක්ෂ ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර සහ ආර්ථික පර්යේෂණ දෙපාර්මේන්තුවේ අතිරේක අධ්යක්ෂ ආචාර්ය පී.කේ.ජී. හරිශ්චන්ද්‍ර යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.