2017 අප්‍රේල් මාසයේදී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණවල 15.6% ක අඩුවීමක් වාර්තා කරමින්, එම මාසයේ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ වාර්තා වී ඇත්තේ ඇ.ඩො.මිලියන 487.9ක් ලෙසිනි.
මේ අතර, 2017 ජනවාරි මාසයේ සිට අප්‍රේල් දක්වාද විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණවල 6.3% ක අඩුවීමක් වාර්තා වන අතර, එම කාල සීමාවේ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ වාර්තා වී ඇත්තේ ඇ.ඩො.මිලියන 2,221.7ක් ලෙසිනි.
එමෙන්ම, කටාරයේ ඇතිවී තිබෙන අර්බුදකාරී වාතාවරණය තුළ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ කෙරෙහි යම් බලපෑමක් ඇති කරනු ඇති බවද ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.