2017 වසරේ ජූලි මාසයේදී සංචාරක පැමිණීම් පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදය හා සැසඳීමේදී 1.8%කින් අඩු වී ඇති අතර, එම සංචාරක පැමිණීම් සංඛ්‍යාව 205,482ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
එනමුදු, 2017 වසරේ පළමු මාස 7 තුළදී, මුළු සංචාරක පැමිණීම්, පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදය හා සැසඳීමේදී 3.6%කින් 1,215,926ක් දක්වා වර්ධනය වී ඇති බවද මහ බැංකු දත්ත පෙන්වා දෙයි.
ඉන්දියාව, චීනය, එක්සත් රාජධානිය, ජර්මනිය හා ප්‍රංශය යන රටවල් 2017 වසරේ පළමු මාස 7 තුළ දී සංචාරකයන් පැමිණි ප්‍රධාන මූලාශ වී ඇති අතර, එම රටවලින් පැමිණි සංචාරකයන් සංඛ්‍යාව මෙම කාලපරිච්ඡේදයේදී පැමිණි මුළු සංචාරකයන්ගෙන් 51.4%ක් වී තිබේ.
එමෙන්ම, 2017 වසරේ ජූලි මාසයේදී සංචාරක ඉපැයීම්ද සංචාරක පැමිණීම් මෙන්ම අඩුවීමක් වාර්තා කර ඇති අතර, මෙම මාසය තුළදී සංචාරක ඉපැයීම් ඇ.ඩො.මිලියන 352.5ක් බවට පත්ව තිබේ.