2017 වසර තුළ උද්ධමනය ඉහළ යෑම සඳහා හේතුව වශයෙන් එකතු කළ අගය මත බදු වෙනස්කම් සිදුකිරීමේ බලපෑම පිළිබඳව ඇතැම් මාධ්‍යවල පළ වූ වාර්තා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානය යොමුව තිබේ.
ඒ අනුව, 2017 අංක 06 දරණ මුදල් ප්‍රතිපත්ති විවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන කාර්යාලයේදී ඊයේ (26දා) පැවති මාධ්‍ය හමුවේදී මහ බැංකු අධිපතිවරයා විසින් 2017 වසරේදී උද්ධමනය ඉහළ යෑමට අදාළව සිදුකරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් මහ බැංකුව මෙසේ කරුණු පැහැදිලි කරනු ලබයි.
එහිදී, බදු ව්‍යුහයට සිදුකරන ලද ගැළපීම්වලට අමතරව, අහිතකර කාලගුණික තත්ත්වය හේතු කොටගෙන සැපයුම් අංශයේ ඇති වූ අවහිරතා, ජාත්‍යන්තර වෙළෙඳ භාණ්ඩවල මිල ගණන් ඉහළ යෑම සහ පදනම් බලපෑමද 2017 වසරේ උද්ධමනය ඉහළ යෑමට බලපාන ලද බව අධිපතිවරයා ප්‍රකාශ කළ බව මහ බැංකුව නිවේදනය කරයි. ඉහත දක්වන ලද සාධක, මහ බැංකුවට පාලනය කළ නොහැකි වන අතර, ශ්‍රී ලංකා මහ බැංකුව 2016 වසරේ මුල් භාගයේ සිට දැඩි මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයක් පවත්වාගෙන යෑම තුළින් ඉල්ලුම නිසා ඇතිවිය හැකි උද්ධමන පීඩනය සහ අහිතකර උද්ධමන අපේක්ෂා අවම කිරීමට කටයුතු කොට ඇති බවද මහ බැංකුව වැඩිදුරටත් නිවේදනය කරයි.