2016 දෙවැනි කාර්තුවට අදාළ කාර්මික නිෂ්පාදන දර්ශක අගය 101.1 ලෙස ජනලේඛන හා සංඛ්‍යාල්ඛන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.ජේ.සතරසිංහ මහතා ප්‍රකාශ කරයි.
ඒ අනුව නිෂ්පාදන කර්මාන්ත අංශයට ආහාර නිෂ්පාදන අංශයෙන් ඉහළම දායතක්වය (35.2%) වාර්තා වූ අතර ඇඟලුම් නිෂ්පාදන (19.8%) සහ ලෝහ නොවන ඛණිජමය ද්‍රව්‍ය නිෂ්පාදනය (7.8%) පිළිවෙලින් දෙවැනි සහ තෙවැනි ස්ථාන ගෙන ඇත.
කර්මාන්ත අංශයේ වර්ධනය මැනීමට වඩාත්ම සුදුසු දර්ශකයක් ලෙස කාර්මික නිෂ්පාදන දර්ශකය හැඳින්විය හැකි බවත්, එම දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම, මෙම දර්ශකය මඟින් කර්මාන්ත අංශයේ නිෂ්පාදන ධාරිතාවෙහි කෙටි කාලීන වෙනස්වීම් හඳුනා ගත හැකි බවත්, මෙමඟින් ආර්ථික සංවර්ධනයේ හැරවුම් ලක්ෂ්‍ය හඳුනා ගත හැකි බවත් පෙන්වා දෙයි.