යහපාලන රජය බලයට පත්වීමෙන් පසු ක්‍රමානුකූලව ණය ලබාගැනීම අඩු කර ඇති බවත්, 2016 වසරේ රාජ්‍ය ණය ලබාගැනීමේ සීමාව අපේක්ෂිත මට්ටමට වඩා අඩු බවත් මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසා සිටියේය.
මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා මේ බව පවසා සිටියේ ඊයේ (14දා) පෙරවරුවේ මුදල් අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදීය. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"2016 වසරේ පාර්ලිමේන්තුව අනුමත කළ රාජ්‍ය ණය ලබාගැනීමේ සීමා රු.බිලියන 1,699ක් වුවත්, එම වසර තුළ ලබා ගෙන ඇත්තේ රු.බිලියන 1319ක ණය පමණයි. එය අපේක්ෂිත ණය ලබාගැනීමේ සීමාවට වඩා රු.බිලියන 380ක අඩුවීමක් බව සඳහන් කළ යුතුයි." යනුවෙන් පවසා සිටියේය.