වෙළෙඳ හිඟය පුළුල් වීම, සංචාරක ඉපැයුම් අඛණ්ඩව වර්ධනය වීම සහ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ වර්ධනය වීම සමග 2016 මැයි මාසයේදී ශ්‍රී ලංකාවේ විදේශීය අංශය මිශ්‍ර ක්රියාකාරීත්වයක් පෙන්වා තිබේ.
පසුගිය වසරේ මැයි මාසයට සාපේක්ෂව ආනයන වියදම සුළු වශයෙන් වර්ධනය වූ බවත්, තේ, රබර් නිෂ්පාදන සහ රෙදිපිළි සහ ඇඟලුම් අපනයනයන් හි මන්දගාමී ක්‍රියාකාරීත්වය හමුවේ අපනයන ඉපැයුම් අඩුවීම හේතුවෙන් වෙළෙඳ හිඟය පුළුල් වූ බවත් ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.
කෙසේ නමුත්, සමුච්චිත පදනම මත 2016 මැයි මාසය අග වනවිට වෙළෙඳ හිඟය ඉහළ යෑමෙන් වූ බලපෑම සංචාරක සේවා මත වූ අඛණ්ඩ ඉපැයීම්, වර්ධනය වූ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සහ මූල්‍ය ගිණුම වෙත මධ්‍යස්ථ ලැබීම් ප්‍රමාණය සමග තරමක් දුරට සමාන වූ බවත් ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් පවසයි.